gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපි මහින්ද එක්ක ගිවිසුම් ගැහුවේ රනිල්ගෙන් රට බේරගන්න… කොටි පරාද කරලා රට බේරගන්න අපි මහින්දට උදව් කළා… එතකොට හෙල්පින් හම්බන්තොට ගැන දැනං හිටියේ නෑ…! – මහින්ද ජයසිංහ

ජනතා විමුක්ති පෙරමුණ 2004 වසරේදී මහින්ද රාජපක්ෂ සමග ගිවිසුම්ගත වුණේ රනිල් වික්‍රමසිංහ රට පාවාදීමට සහ රට විකිණීමට ගෙනගිය වැඩපිළිවෙළ පරාජය කිරීමට බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

“මහින්ද රාජපක්ෂ එක්ක අපි සන්ධාන ගහපු එක ගැන මේ දෙන්නාම කිව්වා. ඇයි මහින්ද එක්ක අපි සන්ධාන ගැහුවෙ ? මහින්ද එක්ක අපි සන්ධාන ගැහුවෙ මේගොල්ලන්ගෙ එදා නායකයා, රනිල් වික්‍රමසිංහ – අපි එදා කිව්වා දොන් ජුවන් වික්‍රමසිංහ කියලා – එල්ටීටීඊ සංවිධානයත් එක්ක ගිවිසුමක් ගහලා මේ රටේ භූමියෙන් තුනෙන් එකක්, මුහුදෙන් තුනෙන් දෙකක් එල්ටීටීඊ එකට පාවලා දෙන්න හදනකොට, රට පාවලා දෙන්න හදනකොට, අනිත් පැත්තෙන් රිගේනින් ශ්‍රී ලංකා ගෙනල්ලා රට විකුණන්න හදනකොට ඔන්න ඔය රට පාවාදීමට සහ රට විකිණීමට එරෙහිව තමයි අපි එදා මහින්දත් එක්ක ගිවිසුම් ගැහුවෙ.

ප්‍රශ්නය – එතකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා රට බේරාගැනීම සඳහා කටයුතු කළා ?
“ඔව්, හරි. අපි ඒක අදත් බැහැර කරන්නෙ නැහැ. මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කරන්න ඒ දේශපාලන නායකත්වය දුන්නා. අපි ඒක කොහෙවත් නැහැයි කියලා නෑ. අපි එහෙම කුහක නෑ. ඒ වෙනුවෙන් තමයි අපි එදා මහින්දට සපෝට් කළේ. එදා ඔය 2005 නෙ ජනාධිපතිවරණය ආවෙ. ඒ වෙනකොට ඔය සුනාමි අරමුදල ගැන එහෙම ප්‍රශ්න ඇවිල්ලා තිබුණෙ නෑ.”

ප්‍රශ්නය – එතකොට කොයි අවුරුද්දෙද සුනාමි අරමුදලෙ ප්‍රශ්නය ආවෙ ?
“සුනාමි ආවෙ 2004 දෙසැම්බර් අග. 2005 තමයි ජනාධිපතිවරණය තිබ්බෙ. ඒ වෙනකොට ඔය සුනාමි අරමුදලෙන් මහින්ද හොරකම් කළා කියලා කොහෙවත් මතුවෙලා තිබ්බෙ නෑ.”

අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයකදී ය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka