gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අනුරලට ආණ්ඩු කරන්න හැකියාවක් නෑ.. නිතරම කිච වෙන්නේ ඒකයි… ජනතා කැමත්ත නිසා කරන්න දෙයක් නෑ…! – මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි…

Nirmal Ranjith Dewasiri
මේ ආණ්ඩුව කරන පිරිස බලයට පත්වන විට ඒ සඳහා පරිචයක් තිබූ පිරිසක් නොවන නිසා ඔවුන් කිච වීම තේරුම් ගැනීම දුෂ්කර දෙයක් නොවන බව මෙම ආණ්ඩුව පත්කර ගැනීම සඳහා ආධාර කළ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

“මේ ආණ්ඩුව බොහොම කිච වෙන එක බවක් තමයි පේන්නේ. ඒක තේරුම් ගැනීමට දුෂ්කර දේකුත් නෙමෙයි. අපි දැනගතයුතුයි මේ ආණ්ඩුව බලයට පත්වන විට මේ ආණ්ඩුව කරන අය ආණ්ඩුකරණය සඳහා එතරම් පරිචයක් තිබුණ අය නෙමෙයි.

මේ ආණ්ඩුවට රාජ්‍ය බලය ලැබීම අහඹු තත්ත්වයක්. ඒ අය ආණ්ඩු බලය ලබා ගන්න සූදානමින් සිටියෙත් නෑ. අවුරුදු දෙක තුනකට කලින් එයාලත් හිතුවේ නෑ, ඉක්මනින් ආණ්ඩු බලය ලැබෙයි කියලා. 2023 වගේ කාලේ තමයි ඒ අය ටිකක් සූදානම් වුණ බව පේන්නේ. ආණ්ඩුකරණය සඳහා විශාල සූදානමක් තිබුණේ නෑ. ඒ අය දැන් ආණ්ඩුකරණය ඉගෙන ගන්නවා.

කෙනෙක් අහන්න පුළුවන් මහජනයා සමග එහෙම අත්හදා බැලීම් කරන්න පුළුවන් ද කියලා. කරන්න දෙයක් නෑ. මහජනයා ඒ අය තෝරාගත්තා. ඒක මහජන තීන්දුව.”

සිය අන්තර්ජාල නාලිකාවට වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka