gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාලිමා මන්ත්‍රීගෙන් ගුටි කෑ බව කියන පොලිස් නිලධාරියා ගැන පරීක්‍ෂණයක්.. ඔහු බීලාද කියාත් බලයි..

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා තමාට පහර දුන් බවට පොලිස් කොස්තාපල්වරයෙකු කළ චෝදනාව සම්බන්ධයෙන් මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.  මෙම සිදුවීමට අදාළව කරුණු පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුඩ්ලර් මහතා ප්‍රකාශ කළේ, සිද්ධිය වන අවස්ථාවේ අදාළ නිලධාරියා මත්පැන් පානය කර සිටියේදැයි පරීක්ෂා කිරීම සඳහා ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු වෙත යොමු කරන බවයි.

තමාට මන්ත්‍රීවරයා පහර දුන් බව පවසමින් මෙම නිලධාරියා 119 හදිසි ඇමතුම් අංශයට පැමිණිලි කර තිබුණි. ඔහුගේ බිරිඳ සඳහන් කරන්නේ තම සැමියා දුරකථනයෙන් දැනුම් දුන් තොරතුරු මත ඔහුව රෝහල් ගත කිරීමට පියවර ගත් බවයි. 

මෙම නිලධාරියා මීට පෙර මන්ත්‍රීවරයාගේ ඥාතියකුට අයත් බව කියන ඉඩමක ගංජා වැටලීමකට සම්බන්ධ වූ සූරියකන්ද පොලිසියේ නිලධාරියෙකි.

එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන ශාන්ත පද්මකුමාර මහතා පවසන්නේ තමා කිසිවකුට පහර නොදුන් බවයි. ඒ වෙනුවට, අදාළ පොලිස් නිලධාරියා සිය රථය නවතා තමාට තර්ජනය කළ බව පවසමින් මන්ත්‍රීවරයා ද කොලොන්න පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් මේ පිළිබඳ පරීක්ෂණ මෙහෙයවනු ලබයි. සිද්ධිය වූ ස්ථානය අවට ඇති සී.සී.ටී.වී දර්ශන විශ්ලේෂණය කිරීම සහ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම මේ වන විටත් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka