gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ගේ ලන්ඩන් ගමන ගැන හොයන්න ගිය CID ටීම් එක හෙට නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවෙනවා! නඩුව ජනවාරි 28 වැනිදා!

මහජන මුදල් අවභාවිතා කරමින් සිය බිරිදගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සදහා ලන්ඩනය බලා ගොස් ඇති බවට, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාව පිළිබදව විමර්ශනය කිරීම සදහා ලන්ඩනයට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිස හෙට එනම් සදුදා දිනයේ දී නීතිපති දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ඔවුන් එසේ පැමිණෙන්නේ, ලන්ඩන් සංචාරයෙන් අනාවරණය කරගෙන තිබෙන තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දීම සදහා ය.

ශානි අබේසේකර මහතා විසින් මෙම හමුව සංවිධානය කර තිබෙන අතර, ලන්ඩන් ගිය සී.අයි.ඩී. කණ්ඩායම හෙට දිනයේ දී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ රජයේ ජ්‍යේෂ්ඨ නීතීඥ සමදාරී පියසේන යන අය හමු වීමට නියමිතය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka