gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාලිමා මන්ත්‍රීගේ මාමාගේ ඉඩමක කරගෙන ගිය ගංජා වගාවක් වැටලූ පොලිස් නිලධාරියාට ප්‍රහාරයක්! තෝ මරනවා කියමින් මන්ත්‍රීවරයායි තවත් පිරිසකුයි මට පහර දුන්නා! පොලිස් නිලධාරියා රෝහලේ!

සේවය නිම කර නිවස බලා පැමිණෙමින් සිටි සූරියකන්ද පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සහයක නිලධාරියෙකුට රත්නපුර දිස්ත්‍රික් ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු කණ්ඩායමක් පහරදී ඇතැයි එම පොලිස් නිලධාරියා චෝදනා කර තිබේ.

ඊයේ (20) රාත්‍රියේදී කළ මෙම පහරදීමෙන් තුවාල සිදුවූ බව පවසමින් එම පොලිස් නිලධාරියා මේ වන විට ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබමින් සිටියි.

පසුගියදා සූරියකන්ද පොලිසිය මගින් සිදුකළ ගංජා වැටලීමට මෙම පහරකෑමට ලක්ව සිටි පොලිස් නිලධාරියාද සහභාගී වී ඇත.

අදාළ ගංජා වැටලීම සිදුකර ඇත්තේ මෙම පහරදීම සිදුකළ මන්ත්‍රීවරයාගේ මාමාණ්ඩියට අයත් ඉඩමක බව පැවසේ.

මන්ත්‍රීවරයා සහ තවත් පිරිසක් වාහනයකින් පැමිණ තමන්ට “තෝ මරනවා” යනුවෙන් ප්‍රකාශ කරමින් පහරදුන් බවයි පොලිස් නිලධාරියා සඳහන් කර ඇත්තේ. 

එමෙන්ම ජාතික ජනබලවේග මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මන්ත්‍රීවරයාද මෙම පොලිස් නිලධාරියා සම්බන්ධව පොලීසියට පැමිණිලි කර ඇති බවද වාර්තා වේ.

සූරියකන්ද පොලීසිය මගින් පසුගිය 16 දා සවස සූරියකන්ද බුලුතොට, වැලිආර ප්‍රදේශයේ මඤ්ඤොක්කා සහ බඩ ඉරිඟු වගාවක් තුළ වගා කර තිබූ අඩි එකහමාර සහ අඩියක ප්‍රමාණයේ ගංජා පැළ සමග එම ප්‍රදේශයේම විසිහතර හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ගංජා පැළ සමඟ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේත්‍රාත් දිලුම් යූ. ප්‍රනාන්දු මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුට රුපියල් තුන්දහසක දඩයක් අධිකරණය විසින් නියම කරනු ලැබීය.

ජාතික ජන බලවේගය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතාගේ බිරිඳගේ පියාට අයත් බව පැවසෙන මෙම ඉඩමේ අදාළ සැකකරුට වගාවන් සිදු කිරීම සඳහා ලබා දී ඇති බවත් වාර්තා වේ.

මෙලෙස අධිකරණය දඩ නියම කරනු ලැබුවේ සූරියකන්ද, බුලුතොට, තලගහවත්ත පදිංචි 24 හැවිරිදි තරුණයෙකුටය

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka