gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බූස්සේ දරුණු අපරාධකරුවෙකුගෙන් විපක්‍ෂ මන්ත‍්‍රීවරයෙකුට ඇමතුමක්... පොලිසිය මන්ත‍්‍රීගෙන් ප‍්‍රශ්ණ කරයි

බූස්ස බන්ධනාගාරය තුළ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බව කියන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. 

මෙම සිද්ධියට අදාළව අදාළ මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමටද පොලිසිය පියවර ගෙන ඇත.

මීට මාස කිහිපයකට පෙර පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් බූස්ස බන්ධනාගාරයේ සිදුකළ මෙහෙයුමකදී රැඳවියන් සන්තකයේ තිබූ ජංගම දුරකතන ඇතුළු උපකරණ තොගයක් සොයාගන්නා ලදී.

අත්අඩංගුවට ගත් දුරකතන සම්බන්ධයෙන් සිදුකළ තාක්ෂණික පරීක්ෂණවලදී එක් දුරකතන අංකයක් අදාළ මන්ත්‍රීවරයාගේ ලිපිනයට ලියාපදිංචි වී ඇති බව අනාවරණය විය.

මෙම දුරකතන දත්ත ඔස්සේ සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ප්‍රබල අපරාධකරුවකු සහ මෙම දේශපාලනඥයා අතර තෙවන පාර්ශවයක් මාර්ගයෙන් සන්නිවේදන සබඳතා පවත්වා ඇති බවයි.

අපරාධ හා මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ මඟපෙන්වීම යටතේ මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වේ. 
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka