gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෙහෙලියට එරෙහි විරෝධතා අපරාධයක් නොවේ... විත්තිකරුවන් නිදහස් කරයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් පසුගිය වසරේ පැවැති සත්‍යග්‍රහයක් අතරතුර අත්අඩංගුවට ගත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් පිරිස නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය.

2024 ජනවාරි 30 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට පැවැති සාමකාමී සත්‍යග්‍රහයක නිරතව සිටියදී කොටුව පොලිසිය මගින් මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් මෙහිදී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (ආ) වගන්තියට අනුව සාමකාමීව රැස්වීමට පුරවැසියන්ට ඇති මූලික අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි පවත්වන උද්ඝෝෂණවලදී ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාවක් නොමැති බවයි. 

සාමකාමී මහජන උද්ඝෝෂණ පැවැත්වීම අපරාධමය වරදක් නොවන බවද අධිකරණය මෙහිදී අවධාරණය කළේය.

සාධාරණ උද්ඝෝෂණයක් අදාළ උද්ඝෝෂණයෙන් අනතුරුව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාද අත්අඩංගුවට ගැනීමට බලධාරීන් කටයුතු කර ඇති බැවින්, එදා පැවැති විරෝධතාව සාධාරණ හා සාමකාමී එකක් බව අධිකරණයේදී තහවුරු විය. 

ඒ අනුව, මෙම සිදුවීම අපරාධමය වරදක් යටතේ ඉදිරියට පවත්වාගෙන යාමට කොටුව පොලිසියට නීතිමය පදනමක් නොමැති බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඇතුළු ක්‍රියාකාරීන් පිරිස අදාළ නඩුවෙන් නිදහස් කිරීමට තීරණය කළේය.

කෙසේ වුවද, පොලිසියට අවශ්‍ය වන්නේ නම් මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් වැඩිදුර උපදෙස් ලබා ගැනීමට බාධාවක් නොමැති බවද අධිකරණය වැඩිදුරටත් සඳහන් කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka