gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සමන්ත විද්‍යාරත්නගෙන් සහ ස්වාධීන රූපවාහිනියෙන් මිලියන 200ක් වන්දි ඉල්ලයි!

අමාත්‍ය සමන්ත විද්‍යාරත්නගෙන් සහ ස්වාධීන රූපවාහිනී සේවයෙන් රුපියල් මිලියන 100 ක් බැගින් වන්දි අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අමාත්‍යවරයා විසින් ස්වාධීන රූපවාහිනිය හරහා සිදුකල ප්‍රකාශයකින් තමන්ට අපහාසයක් සිදු වූ බව පවසමින්.

එම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ස්වාධීන රූපවාහිනී සේවය සහ එහි සභාපතිවරයා නම් කර ඇති බවයි සඳහන් වන්නේ.

මෑතකදී අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් මොනරාගල ප්‍රදේශයේ පිහිටි ඉඩමකට අදාළව තමන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, ඒ තුළින් තමන්ට දැඩි අපහාසයක් සිදුව ඇති බවත්, ඒ වෙනුවෙන් අමාත්‍ය සමන්ත විද්‍යාරත්නගෙන් සහ ස්වාධීන රූපවාහිනී සේවයෙන් රුපියල් මිලියන 100 බැගින් වන්දි අය කර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා හිටපු ආණ්ඩුකාරවරයා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka