gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රංජන් ජයලාල් සිද්ධිය ගැන පොලිස් විමර්ශනයක්

කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් සහ සත්ත්ව සුබසාධන සංවිධානයක නියෝජිතයන් පිරිසක් අතර සිදුවූ බව කියන බහින්බස් වීම සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් සිදුකරන බව පොලිසිය පවසයි.

විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඒ සඳහා සී.සී.ටී.වී දර්ශන උපයෝගි කර ගන්නා බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කරන බව අදාළ සත්ත්ව සුබසාධන සංවිධානයේ නියෝජිතයන් කියා සිටියේය.

කඩුවෙල මහ නගර සභාව විසින් කැඳවා තිබූ සාකච්ඡාවකට සහභාගී වූ තමන්ට නගරාධිපති රන්ජන් ජයලාල් තර්ජනය කළ බව සත්ත්ව සුබසාධන සංවිධානයක නියෝජිතයන් ප්‍රකාශ කළේය.

මාලබේ ප්‍රදේශයේ වීථි සුනඛ ගැටලු‍වක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම පිරිස මහ නගර සභාව වෙත කැඳවා තිබිණ.







gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka