gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නුවරඑලිය නායගියේ පිදුරුතලාගල කන්දෙන් ආ ඔයක් නිසා.. අපි සොරොවු ඇරල තිබ්බෙ..- නගරාධිපති

පසුගිය මාස (27) දින නුවරඑළිය නගරයේ ඇති වූ ගංවතුර තත්ත්වයට හේතුව, නුවරඑළියේ පිතුරුතලාගල කන්දෙන් ආරම්භ වන තලගල ඔය ඇළ පිටාර ගැලීම බව නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර මහතා (18) දින නුවරඑළිය නගර සභා ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

නුවරඑළිය මහ නගර සභාව යටතේ පාලනය වන නුවරඑළිය ග්‍රෙගරි වැවේ වාන් දොරටු විවෘත නොකිරීම නිසා නුවරඑළිය නගරය ජලයෙන් යට වූ බවට නුවරඑළිය මහජනතාව විසින් ඇතැම් මාධ්‍ය ආයතනවල පළ කරන ලද වාර්තා අසත්‍ය බවයි නගරාධිපතිවරයා කියා සිටියේ.

නුවරඑළිය නගරය ජලයෙන් යටවීමට පෙර නුවරඑළිය ග්‍රෙගරි වැවේ වාන් දොරටු දෙක විවෘත කල බවත්, දින තුනක් අඛණ්ඩව ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් පිතුරුතලාගල කන්දෙන් ආරම්භ වන තලගල ඔයේ ජලය වැඩිවීම, නුවරඑළියේ නගරයේ අනවසර ඉදිකිරිම්, ඇළ මාර්ග පටු වීම සහ ග්‍රෙගරි වැවේ වාන් දොරටුව පුළුල් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් නුවරඑළිය නගරය ජලයෙන් යට වූ නගරාධිපතිවරයා වැඩි දුරටත් පැවසීය.

තවද, නුවරඑළියේ දිස්ත්‍රික් මහ රෝහලට යන මාර්ගය, නුවරඑළිය තුරඟ පිටිය, නුවරඑළිය ගොල්ෆ් පිටිය ඇතුළු බොහෝ ස්ථාන ගංවතුර හා නායයෑම් හේතුවෙන් විනාශයට පත් වූ වී ඇත.

නුවරඑළියේ බලපෑමට ලක් වූ කෘෂිකාර්මික අංශය, සංචාරක අංශය සහ වාණිජ අංශය සංවර්ධනය කිරීමට සහ නුවරඑළිය නගරය යථා තත්ත්වයට පත් කිරීමට සියලු දෙනා සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත්, ඉදිරියෙදි නුවරඑළියේ එවැනි ගංවතුර තත්ත්වයන් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වැඩ වැඩසටහන් ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට නුවරඑළිය මහ නගර සභාව සූදානම් බව ද නගරාධිපතිවරයා පැවසීය.

නියෝජ්‍ය නගරාධිපති ජ්‍යෙෂ්ඨ නීතිඥ සිවන්ජෝති යෝගරාජා, නාගරික කොමසාරිස්, නාගරික ලේකම් සහ නගර සභාවේ පාලක පක්ෂයේ සාමාජිකයින් ද මෙම රැස්වීමට සහභාගී වී සිටියහ.

- රංජිත් රාජපක්ෂ              
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka