gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා ඇති මරණීය දණ්ඩනය හිමි වූ බිහිසුණු පාතාල අපරාධකාර දෙමටගොඩ චමින්ද ලඟ ස්මාට් ජංගම දුරකථනයක් තිබී හමුවෙයි…

මහා පරිමාණ මත් කුඩු ජාවාරම්කාර අබ්දුල් රහමන් සන්තකයේ තිබීත් ස්මාට් ජංගම දුරකථනයක් හමුවෙයි...
බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිටින, මරණීය දණ්ඩනය නියම වූ අපරාධකරුවෙක්වන දෙමටගොඩ චමින්ද සහ තවත් සංවාධානාත්මක අපරාධකරුවෙක් සන්තකයේ තිබුණු ස්මාට් වර්ගයේ ජංගම දුරකථන දෙකක්  පොලිස් විශේෂ කාර්ය බලකා‍ය බූස්ස කඳවුරේ නිළධාරින්,බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික ඒකකයේ සහ බූස්ස බන්ධනාගාර නිලධාරින් එක්ව ඊයේ (09) බූස්ස අධීආරක්ෂක බන්ධනාගාරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී   සොයා ගෙන තිබේ.

දෙමටගොඩ චමින්දගේ සිරකුටිය අංක 10 ය. එම කුටිය පරික්ෂා කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකා‍ය බූස්ස කඳවුරේ නිළධාරින් සහ බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික ඒකකයේ නිළදාරින් ඇතුළු වීමත් සමගම ඔහු විසින් අදාල ජංගම දුරකතනය පොලොවේ ගසා විනාශ කිරීමට තැත්කළ බව වාර්තා වේ.

එමෙන්ම බූස්ස බන්ධනාගාරයේම අංක 11 සිරමැදිරියෙහි ක සෝදිසියකදී එහි රඳවා සිටින සිරකරුවකුවූ අබ්දුල් රහමන් නැමැති ,මහාපරිමාණ මත්ද්‍රව්‍ය  ජාවාරම්කරු සතුව තිබී අනෙක් ස්මාර්ට් ජංගම දුරකතනය  සොයාගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා‍ය බූස්ස කඳවුරේ නිළධාරින් සහ බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික ඒකකයේ නිළදාරින් සමත්වී ඇත. එම සිරකරු තම දුරකථනය මැදිරියෙන් එපිටට විසිකර ඇති බව පොලිසිය පවසයි.

මෙම ජංගම දුරකතන ඉදිරි විමර්ශන කටයුතු සදහා පොලිස් අපරාධ විමර්ශන අංශයට භාරදීමට නියමිතය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka