gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව ලිංගික අධ්‍යාපනය කියලා දරුවන්ට සමලිංගික සබඳතා ගැන කියලා දෙන්න හදනවා…! – කාදිනල්තුමා…

බටහිර ලෝකයේ පිරිහුණු මිනිසුන්ගේ අශීලාචාර සංස්කෘතිය මේ රටට ගෙන ඒමට උත්සාහ නොදරන ලෙස මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා ඉල්ලා සිටියි.
“කුඩා දරුවන්ට හය වසරේ සිට ලිංගික අධ්‍යාපනය ලබා දීම සඳහා අලුත් පාඨමාලාවක් හදාගෙන යනවලු. පන්ති භාර ගුරුවරුන් මේ සඳහා සූදානම් කරන්න යනවලු. සම්මේලන පවත්වන්න යනවලු. මේක අධ්‍යාපනය ද? දරුවන්ට ඒ වගේ දේවල් ගැන අවශ්‍ය වෙලාවට කියලා දෙන්න වගකීම තියෙන්නේ මව්පියන්ට. දරුවන්ට වැඩිමල් වියට යන කොට යම් යම් දේවල් කියාදීමේ ක්‍රමවේදය මොකක්ද කියලා මව්පියන්ව දැනුවත් කරන්න.

මේවා අතර විශේෂයෙන් ම ඔය සමලිංගික සම්බන්ධතා ඇතිකර ගැනීම පිළිබඳව දැනුවත් කිරීමක් කරන්නට යනවලු. උත්පත්ති පාලනය පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න යනවලු. මේ හැම දෙයක් පිටිපස්සෙම ඉන්නේ අපේ රට විනාශ කරන්නට අර අඳින ජාත්‍යන්තර සංවිධාන. ඒවා අතර විශේෂයෙන් ම එක්සත් ජාතීන්ගේ පවුල් පාලන සංගමය ඉන්නවා. ඒගොල්ලෝ මේ ආණ්ඩුවට සල්ලි දීලා, අධ්‍යාපන අමාත්‍යාංශයට සල්ලි දීලා ඒ සඳහා අවශ්‍ය පොත්පත් මුද්‍රණය කරලා මේ දරුවන්ව නොමඟ යවන වැඩපිළිවෙළක් ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

ලබන ජනවාරි මාසයේ විසිහත් වන දා ඉඳලා මේ පාඩම් උගන්වන්නට යනවලු අපේ ඉස්කෝලවල. හයවන වසරේ දරුවන්ගේ ඉඳලා මේ අපේ දරුවන්ව විනාශ කරන්න නේද මේ වැඩේ කරන්නේ? මේ බටහිර ලෝකයේ පිරිහුණු ආගමක්, ධර්මයක් නැති මිනිස්සුන්ගේ වටිනාකම් තමයි අපේ රටටත් ගේන්න හදන්නේ. ඒ නිසා අපි කියන්නට ඕනේ අනිවාර්යයෙන්ම, මේ අශීලාචාර දේවල් අපේ දරුවන්ට උගන්වන්න යන්න එපා.

මේ හය හතරක් නොතේරෙන කිරි සප්පයන්ව මේ වැරදි මාර්ගයේ ගෙනියන්න රාජ්‍ය අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනවා නම් ඒක සම්පූර්ණයෙන්ම අපි හෙළා දැකිය යුතුයි. කොහොමද මෙවැනි දේවල්වලට ශීලාචාර ආණ්ඩුවක් ඉඩ දෙන්නේ? මේ රට තුළ අපේ සංස්කෘතිය, අපේ සභ්‍යත්වය විනාශ කරන්න දෙන්න බැහැ. මේවා ගැන අපේ ජනාධිපතිතුමා දන්නවද කියලා මම දන්නේ නැහැ. නමුත් එතුමාගෙනුත් මම ඉල්ලන්නට කැමැතියි කරුණාකරලා මේ දේවල් ඔය අමාත්‍යාංශවල නිලධාරීන්ට ඕන විදිහට හරවන්න ඉඩ දෙන්න එපා.”

මීරිගම, කීනදෙණිය ප්‍රදේශයේ පිහිටි ස්ටෙෆන් මුනිඳුන්ගේ දේවස්ථානය අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අගරදගුරුතුමා මේ බව සඳහන් කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka