gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

උඩපන්දුවක් අල්ලද්දී හැප්පී ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් මිනුවන්ගොඩදී මරුට..

මිනුවන්ගොඩ, අලුතෝපල ප්‍රදේශයේ ක්‍රීඩා පිට්ටනියක පැවති ක්‍රිකට් තරඟයක් අතරතුර සිදුවූ අනතුරකින් 41 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය පැවසුවේ මෙම අනතුර සිදුව ඇත්තේ, තරඟය අතරතුර පන්දුවක් උඩින් ඇල්ලීමට (Catch) උත්සාහ කිරීමේදී ක්‍රීඩකයන් දෙදෙනෙකු එකිනෙකා ගැටීමෙන් බවයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ අදාළ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සිය තුවාල හේතුවෙන් මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ පළුගහවෙල, කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මිනුවන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka