gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කැනඩාවේ ශ්‍රී ලාංකික පවුලක් සමූහ ඝාතනයය කළ ඝාතකයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්!

පසුගිය  2024 වසරේ දී  කැනඩාවේ  ඔටාවාහි ශ්‍රී ලාංකික පවුලක් සමූහ ඝාතනයට ලක් කළ මිනීමරුවාට එරට අධිකරණයක් විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ. මෙම ඝාතකයා විසින් ශ්‍රී ලාංකික මවක්, සහ අගේ කුඩා දරුවන් සිවු දෙනා පිහියෙන් ඇන ඝාතනය කර තිබිණි. මෙම ඝාතකයා වූයේ 20 හැවිරිදි වූ ශ්‍රී ලාංකික තරුණයෙකි.

මෙම ඝාතන නඩුවේ නියෝගය ප්‍රකාශ කරමින් අධිකරණය දැනුම්  දුන්නේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමට යටත් කළ අපරාධකරුට  දඬුවම ලිහිල්කරගැනීමක්   ලැබීමටත් වසර 25ක් අනිවාර්ය සිර දඬුවම් විඳිය යුතුය බවය.

ෆෙබ්‍රියෝ ඩි-සොයිසා නැමැති සැකකාර තරුණයා බ්‍රහස්පතින්දා පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනා හතරක්, දෙවන මට්ටමේ මිනීමැරුම් චෝදනා දෙකක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවකට වරද පිළිගෙන තිබුණි.

මෙම ඝාතනයෙන් එකම පවුලේ මව වූ දර්ශනී බණ්ඩාරනායක (35), ඉනූක වික්‍රමසිංහ (07), අශ්විනී වික්‍රමසිංහ (04), රින්යානා වික්‍රමසිංහ (02), කෙලී වික්‍රමසිංහ (02) ඝාතනය විය. ඊට අමතරව එම නිවසේ සිටි ගාමිණී අමරකෝන් (40) නම් අයෙක්ද ඝාතනය වූ අතර, දරුවන්ගේ පියා බරපතළ තුවාල ලැබීය.

ඔන්ටාරියෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කෙවින් ෆිලිප්ස් මෙම ඝාතන “නගර ඉතිහාසයේ වඩාත්ම බිහිසුණු අපරාධවලින් එකක්” ලෙස හැඳින්වූ අතර, ෆෙබ්‍රියෝ ඩි-සොයිසා නැමැත්තාව සිය නිවසට පිළිගත් පවුලක් මේ සිද්ධිය හරහා විනාශය පත් කළ බව සඳහන් කර තිබුණි.

එසේම මෙම සිද්ධිය ‘ප්‍රචණ්ඩත්වය, බිහිසුණු බව සහ අත්භූත‘ එකක් ලෙස විස්තර කළ විනිසුරුවරයා තවදුරටත් සදහන් කර ඇත්තේ, “ඔබ පවුල් දෙකක් විනාශ කර මුළු ප්‍රජාවක්ම විනාශ කළා” යනුවෙනි.

ෆෙබ්‍රියෝ ඩි-සොයිසා පොලිසියට පවසා තිබුණේ තමා මානසික අවපීඩනයෙන් පෙළුණු බවත් පාසලේදී අසමත් වීමෙන් පසු තම ශිෂ්‍ය වීසා බලපත්‍රය අහිමි වේ යැයි බිය වූ බවත්ය. ප්‍රහාරයට සති කිහිපයකට පෙර ඝාතන සඳහා ඔහු යොදා ගත් පිහිය අන්තර්ජාලය හරහා මිලදී ගත් බව වාර්තාවලින් පෙනී ගියේය.
කෙසේ නමුත් ඩි-සොයිසාගේ මානසික තත්ත්වය ඔහුගේ ක්‍රියාවන්ට නිදහසට කරුණක් බවට වන ඕනෑම යෝජනාවක් විනිසුරු පිලිප්ස් ප්‍රතික්ෂේප කළ අතර, “ඔහු කරන දේ ගැන සම්පූර්ණයෙන්ම දැනුවත්ව සිටි” බවත් පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka