gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්දානන්ද සහ නලින්ගේ ඇප අයැදුම්පත් ප්‍රතික්ෂේප කෙරේ

වසර 25 ක සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනයට යටත්ව තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර තිබූ ඇප අයැදුම් පත්‍ර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (07) ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම නියෝගය ප්‍රියනාත් ලියනගේ, විරාජ් වීරසූරිය, පී එම් ටී බණ්ඩාර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නිකුත් කර ඇත.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම් බෝඩ 14,000ක් සහ දාම් ලෑලි 11,000 ක් නීතියට පටහැනි ලෙස මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන පනස් තුනකට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවට අදාළව හිටපු අමාත්‍යවරුන් වන මහින්දාන්නද අලුත්ගමගේ හා නලින් ප්‍රනාන්දු පසුගිය මැයි 29 වැනිදා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් වරදකරුවන් කෙරුණි.

එම දණ්ඩන නියෝගයට එරෙහිව විත්තිකාර හිටපු අමාත්‍යවරුන් සිය නිතීඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචන පෙත්සම් ගොනු කළේය.

එම අභියාචන පෙත්සම්වලට යටත්ව තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා විත්තිකාර අමාත්‍යවරුවන් මෙම ඇප ඇයැදුම් පත්‍ර ගොනු කර තිබුණි.

කරුණු සලකා බැලූ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල චූදිතයින් හට ඇප ලබා දීමට ප්‍රමාණවත් තරම් කරුණු දැක්වීමක් ඉදිරිපත් කර නොමැති බව අවධාරණය කරමින් ඇප අයැදුම් පත්‍ර ප්‍රතික්ෂේප කළේය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka