gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දේශනයකට ආ රත්න ශ්‍රීගේ වතුර වීදුරුවට කෙළ ගහලා..

rathna sri wijesinghe contact
හොරණ නගර සභාව මඟින් පවත්වන ලද සාහිත්‍ය මහෝත්සවයේ ප්‍රධාන දේශනය කිරීමට පැමිණි ප්‍රවීණ ගී පද රචක, කිවියර, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය රත්න ශ්‍රී  විජේසිංහ මහතාගේ වතුර වීදුරුවට කෙළ ගැසූ පුවතක් හොරණ ප්‍රදේශයෙන් වාර්තා විය. සිද්ධිය මෙසේය.
පසුගිය ඔක්තෝබර් 31 වැනි දින පස්වරුවේ හොරණ නගර සභා සාහිත්‍ය මහෝත්සවය නගර ශාලා ශ්‍රවණාගාරයේදී පවත්වා ඇති අතර එදින පස්වරු 3.30ට එතුමාගේ දේශනය පැවැත් වීමට නියමිතව තිබී ඇත.

පැය 3කට වැඩි වේලාවක් ඒ සඳහා අවස්ථාව ලබාදී නොමැති බැවින් සංවිධායක මණ්ඩලයේ කිහිපදෙනකුට ඒ මහතා දොස් පවරා තිබේ. පසුව රාත්‍රි 7.00ට පමණ දේශනය සිදු කිරීමට අවස්ථාව ලබාදී ඇති අතර එතුමා වතුර වීදුරුවක් රැගෙන එන ලෙස රියැදුරුට දන්වා ඇති බව රත්න ශ්‍රී විජේසිංහ මහතා  සඳහන් කළේය.

පසුව උත්සවයේ සංග්‍රහ කටයුතු සඳහා නම් කර සිටි කාන්තාවන් දෙදෙනා වතුර වීදුරුව රැගෙන යෑමට සූදානම්ව සිටියදී සංවිධායක මණ්ඩලයේ සිටි අයෙක් වතුර වීදුරුවට කෙළ ගසන ආකාරය දැක ඔවුන් දෙදෙනා වතුර වීදුරුව රැගෙන යෑම ප්‍රතික්ෂේප කර හඬා වැටී ඇති බවද පැවැසේ. 

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක් වූ රත්න ශ්‍රී විජේසිංහ මහතා, “දේශනය කරන්න මට ආරාධනා කළ වේලාවට විනාඩි 30කට පෙර පැමිණියා. මගේ දේශනය පැයකට වඩා ප්‍රමාද වුණා. නිවේදකයා අනවශ්‍ය දේවල් කියව කියව හිටියා. ඒ සම්බන්ධයෙන් මම සංවිධායක මණ්ඩලයට මගේ විරෝධය සඳහන් කළා. මේ සම්බන්ධයෙන් හොරණ  නගරාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළද නොහැකි වූ අතර සිද්ධිය සැලවූවන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට නගර සභාවෙන් ඉල්ලා සිටී.”

පොතුපිටිය – සුමිත් රණවක 
-lankacnews 

rathna sri wijesinghe contact number
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka