gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉතිහාසය අලුත් කරමින් ශ්‍රි දළදා මාළිගාවේ දියවඩන නිලමේ ලෙස ප්‍රදීප් නිලංග දෑල යළි පත් වෙයි….

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයට ප්‍රදීප් නිලංග දෑල  නැවත වරක් තේරී පත්විය. ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරවරයා පත්කර ගැනීමේ රැස්වීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම් ගාමිණි සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සෙංකඩගල බෞද්ධ මන්දිරයේදී පැවැත්විණි. මෙවර දියවඩන නිලමේ ධුරය සඳහා ප්‍රදීප් නිලංග දෑල, දමින්ද උඩුරාවණ,ඒ.ඩබ්ලිව්.එස් බණ්ඩාරනායක, මහචාර්ය තිලක් සුබසිංහ,ගාමිණි කළුහෙන්දිවෙල, රොෂාන්ප්‍ රියදර්ශන හා නන්ද මඩුගල්ලේ ඉදිරිපත් වන බව කල්වේලා ඇතිව ප්‍රසිද්ධ කර තිබිණි.

එසේ වුවත් මහචාර්ය තිලක් සුබසිංහ, ගාමිණි කළුහෙන්දිවෙල, රොෂාන් ප්‍රියදර්ශන හා නන්ද මඩුගල්ලේ  යන අයගේ නම් යෝජනා කිරීමට ඡන්ද දායකයින් කිසිවෙකු හෝ ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔවුන්ට රැස්වීම් ශාලාවේ රැඳී සිටීමට අවසර නොලැබිණි.

දියවඩන නිලමේ තෝරා පත්කර ගැනීමේ ඡන්ද වීමසීම සිදුවන අවස්ථාවේ අපේක්ෂකත්වය හිමි වූයේ වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, පස්ගම ශ්‍රී නාථ දේවාලයේ සහ මහනුවර මහා  කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ හා ඇබ්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ සහ මහනුවර මහා නාථ දේවාලයේ බස්නායක නිලමේ  ඒ.ඩබ්ලිව්.එස් බණ්ඩාරනායකට ය.

මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම ද උඩරට රාජධානි බල ප්‍රදේශයට අයත් රජමහා විහාරස්ථාන වල ගිහි පැවිදි භාරකරුවන්ද බස්නායක නිලමේවරු සහ ප්‍රාදේශීය ලේකම්වරුද දියවඩන නිලමේ තෝරා පත්කර ගැනීමේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබිණි.
මෙහි දී සමස්ත 267 ක් වූ ඡන්ද සංඛ්‍යාවෙන් ප්‍රදීප් නිලංග දෑල මහතාට ඡන්ද 195 ක් ද  දමින්ද උඩුරාවණට ඡන්ද 50 ක්ද ඒ.ඩබ්ලිව්.එස් බණ්ඩාරනායකට ඡන්ද 13 ක්ද ද ලැබිණි.

මේ අනුව ප්‍රදීප් නිලංග දෑල ට 2035 දක්වා වසර 10 ක කාලයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය හෙබවීමේ අවස්ථාව හිමිවෙයි.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයට 2005 වසරේ දී ඡන්ද 199 ක් ලබා ගනිමින්  මුල්වරට තේරී පත්වූ නිලංග දෑල  2015 වසරේ දී යළිත් එම ධුරයට පත්වූයේ ඡන්ද 205 ක් ලබා ගනිමිනි. තෙවන වරටත් දියවඩන නිලමේ ධුරයට පත්වීමත් සමඟ වැඩිම කලක් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය දැරෑ පුද්ගලයා ලෙස නිලංග දෑල මහතාගේ නම ඉතිහාසයට එක්වෙයි

-අසේල කුරුළුවංශ
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka