gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ව්‍යාජ ඒකාබද්ධ විපක්ෂේ අනුරගේ සහ රනිල්ගේ වැඩක්... - දිලිත්

රට ඒකාධිපති දේශපාලනයක් කරා රැගෙන යෑම සඳහා මහ පොළොවෙන් මතු වන සැබෑ විපක්ෂය වෙනුවට ව්‍යාජ විපක්ෂයක් නිර්මාණය කොට දුර්වල විපක්ෂයක් නිර්මාණය කළ යුතු බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

නොවැම්බර් 21 ඒකාබද්ධ විපක්ෂය නමින් අනුර දිසානායක සහ රනිල් වික්‍රමසිංහගේ සැලසුම අනුව ගොඩනඟන්නේ එම විපක්ෂය බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

ජනාධිපතිවරණයට පෙර එංගලන්ත සමාගමක් ලවා එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමීක්ෂණයක් කළ බවත් එමගින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ අනුර දිසානායක බව තහවුරු කරගත් බවත් දිලිත් ජයවීර ප්‍රකාශ කරයි.

රනිල්ට අවශ්‍ය වූයේ සජිත් පරාජය කිරීමට නොව තමන් හෝ අනුර ජයග්‍රහණය කරවීමට බවත් තම සිහින අපේක්ෂා ඉටුකරගත හැක්කේ එමගින් බව ඔහු දැන සිටි බවත් දිලිත් ජයවීර අවධාරණය කරයි.

පෞද්ගලික අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී හෙතෙම මේ බව කීය.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka