gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මත්කුඩුවලට මගේ නම පැටළුවා.. අන්තිමට ඒක පැලවත්තටම කඩාගෙන වැටුණා...

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් 10 දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාර්යාලය වෙත පැමිණියහ. එම කණ්ඩායමට මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩි.වී. චානක, සහ සංජීව එදිරිමාන්න යන මහත්වරුන් ද ඇතුළත් විය. මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, අනුර ප්‍රියදර්ශන යාපා, චාමර සම්පත් දසනායක යන මහත්වරුන් සහභාගී වූහ.

දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ, එළඹෙන නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත විපක්ෂයේ ජන රැලිය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡා කළ බවයි.

"වසර ගණනකට පසු යළිත් මෙම ස්ථානයට පැමිණ අප සාකච්ඡා කළේ ආණ්ඩුව කරන වංචාව රටට හෙළිදරව් කරන රැලිය පිළිබඳවයි. පක්ෂ ලෙස කුමන ප්‍රතිපත්තිමය මතවාද තිබුණ ද, මෙවර විපක්ෂය ලෙස අප සියලු දෙනා එකතු වන්නේ ආණ්ඩුව විසින් ගෙන යන ජනතාව රවටන වැඩපිළිවෙළ රටට හෙළි කිරීමටයි."

එමෙන්ම, විපක්ෂයේ සියලු පක්ෂ සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, සියලු දෙනාම මෙම රැලියට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බවත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

"ජනාධිපතිවරයා අයවැය කතාව පැය හතරහමාරක් කළා. ලබන වසරේ ද ඒ පැය හතරහමාරම කතා කරන්න බලාගෙන ඇති. මෙම කාලය තුළ කියපු කරපු කිසිම දෙයක් ඉෂ්ට කරල නැහැ.

කැබ් රථ ගෙන්නන්න ඉල්ලීම කළේ කවුද? කොයි අමාත්‍යංශයෙන්ද ගෙන්නන්නේ? අපේ මන්ත්‍රීවරු තුන් දෙනාට කැබ් රථ අවශ්‍ය නැහැ. එම රථ අපි සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දෙනවා. මේ අයට (ගමට ගිහිල්ලා කියන්න වෙන්නේ අපිට කැබ් රථ ලැබුණා කියලා තමයි.

අල ගොවියා, ලුණු ගොවියා අසරණ වෙලා. හාල් මාෆියාව නවත්වන්න ආවේ. අද හාල් පිටරටින් ගේනවා.

අප ලඟ කන්ටේනර් ගෙනාපු අය, ඉඩම් මංකොල්ල කාපු අය, ලුණු ආනයනය කරපු අය, හාල් ගෙන්නපු අය වැනි දුෂිත ක්‍රියාවලට සම්බන්ධ වූ කිසිවෙකුත් නැහැ.


මත්කුඩු සම්බන්ධයෙන් මගේ නම හැමතැනම මේ අය පැටළුවා. අන්තිමට ඒක පැලවත්තටම වැටුණා."
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka