gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හර්ෂද සිල්වාට පක්‍ෂයෙන්ම කුණු බැණුම්.. පිරි ඉතිරෙන කතාවෙන් මුළු පක්‍ෂයම අමාරුවේ...

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එම පක්ෂය තුළ දැඩි විරෝධයක් එල්ල වී ඇතැයි වාර්තා වෙයි.
ඒ 2026 වසර සඳහා වූ අයවැය කෙටුම්පත විවාදයේදී විපක්ෂයේ ආරම්භක කථිකයා වශයෙන් ඔහු කළ ප්‍රකාශයක් හේතුවෙනි. 

‘භාණ්ඩාගාරය පිරී ඉතිරී යාමට මුදල් ඇත’ යැයි ඔහු විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් විපක්‍ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමේදීත් මහත් අසීරුතාවයට පත්වන බව ඔවුන් පෙන්වා දී ඇත.

මේ හේතුවෙන් හර්ෂ ද සිල්වා මහතාට තම ප්‍රකාශයන් දෙවරක් සිතා බලා සිදු කරන ලෙස විපක්ෂ නායකවරයන් සිටීමට සාකච්ඡා කර ඇත.

මේ අතර සමගි ජන බලවේගයට හිතවාදී ඇතැම් සමාජ ජාල ක්‍රියාකාරිකයන් ප්‍රසිද්ධියේම අදහස් පළ කරමින් ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට ආර්ථිකය සම්බන්ධයෙන් උපදෙස් දීමට හා ඉදිරි රජයක ආර්ථිකය හැසිරවීමේ කාර්ය බාරදීමට වඩා වගකීම් සහගත පුද්ගලයකු සොයාගත යුතුව ඇති බවයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka