gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැදපෙරදිග ඉන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 07ක් ආරක්ෂක අංශවලට යටත් වෙන්න සූදානම්… මහජන ආරක්ෂක ඇමති කියයි…

මැදපෙරදිග  සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 07 දෙනෙකු ආරක්ෂක අංශ වෙත භාර වීමට එකඟ වී ඇතැයි මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පවසයි.
විෂ මත්ද්‍රව්‍ය පිටු දැකීමේ රටම එකට වැඩසටහනට අදාලව දිස්ත්‍රික් කමිටු පිහිටුවීම කොළඹින් ආරම්භ කළ අවස්ථාවේ දී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මේ කරුණු අනාවරණය කරමින් මෙසේ ද පැවසීය.

“අපට අවශ්‍යයයි රටේ දරුවන් මතින් බේරාගන්න. කිසිවෙකුටත් දඬුවම් දීලා ඔවුන් සිරගත කරලා මේකෙන් ඉවත් කරගන්න හැකියාවක් නෑ. හැබැයි අපි මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කරන්න ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නවා. “

“පොලිස්පති තුමාට අපි උපදෙස් දීලා තියනවා. දිගින් දිගටම වැටලීම් සිද්ධ කරනවා. විශේෂයෙන් ජාවාරම්කරුවන්, බෙදා හරින්නන් සියලු දෙනා නීතියේ රැහැනට කොටු කරගැනීම දිගින් දිගටම සිදුවෙනවා.”

“අපට තොරතුරු විශාල වශයෙන් ලැබෙමින් පවතිනවා. ඊයේ මැද පෙරදිග ඉන්න පුද්ගලයෝ 07 දෙනෙක්,  මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවො හත් දෙනෙක් ප්‍රකාශ කළා… ඔවුන්ට කැමතියි කීවා රජයට යටත් වෙන්ට. භාර වෙලා සමාව අරන් මේ ජාවාරමෙන් ඉවත් වෙන්න කැමතියි කියලා ඔවුන් කිව්වා.” ඇමතිවරයා කමිටු රැස්වීමේ දී පැවසුවේය.

මේ සම්බන්ධව පසුව මාධ්‍ය කළ විමසුමකදී තව දුරටත් අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.

“අපට දුරකථන ඇමතුම් කීපයක් ආවා ඩුබායිවල සිටින, දැනට මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදිලා ඉන්න අය. ඔවුන් කැමතියි කිව්වා වර්ථමානයේ අවංකවම මේ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ව්‍යාපාරයට සහාය දෙන්න. ඒ නිසා ඔවුන්ගේ ව්‍යාපාර අත්හැරලා භාර වෙන්නම්. යහ පැවැත්මක් සහිතව  ජීවත් වෙන්න වටපිටාව හදලා දෙන්න කියලා ඉල්ලීමක් කළා  දවස් දෙකකට තුනකට පෙර.”

“ඒ සම්බන්ධවත් රජයේ  අවධානය යොමු කරනවා.”

“ඒ කියන්නේ නම ගිය අය ද?” මාධ්‍ය ඇසූ ප්‍රශ්නයට ඇමතිවරයා මෙසේ කීවේය.
කොහොමත් ලංකාවෙන් පලා ගිහිල්ලා ඩුබායිවල ව්‍යාපාර කටයුතුවල යෙදෙන අය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka