gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හදිසි අනතුරකින් මිය ගිය KDU සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ තෙවන වසරේ සිසුවියගේ වකුගඩු ඇතුළු අවයව පරිත්‍යාගයට මව්පියෝ තීරණය කරති!

හදිසියේ මියගිය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා පීඨයේ  හෙද සහ පවුල් සෞඛ්‍ය උපාධි පාඨමාලාව හදාරමින් සිටි තෙවන වසරේ සිසුවියගේ වකුගඩු ඇතුළු තවත් අයෙකුට බද්ධ කළ හැකි අවයව පරිත්‍යාග කිරීමට දෙමව්පියන් තීරණය කර තිබේ.
ඒ අනුව එම අවයව ඉවත්කර ගැනීමෙන් පසු සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේ දී අද (09) සිදුකර ඇත.

කෂේරුකාව තෙරපීමෙන් ඇතිවූ සංකූලතා හේතුවෙන් මස්තිස්කයට රුධිර වහනය වීමෙන් මරණය සිදුව තිබෙන බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරුව තිබේ.

ඉදිරිපත්වූ වෛද්‍ය වාර්තා සහ සාක්කි සැලකිල්ලට ගත් මහනුවර ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රවංශ වරකාඋල්ල   මෙය කෂේරුකාව තෙරපීමෙන් ඇතිවූ සංකූලතා හේතුවෙන් මස්තිස්කයට රුධිර වහනය වීමෙන් සිදුවූ හදිසි මරණයක් බවට තීරණය කළේය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිට පසුගිය 05 දින නිවසට පැමිණ තිබෙන සිසුවිය නිවසේ නාන කාමරයේ වැටී සිටියදී මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන්නෙපසුගිය 06 වැනි දින අලුයම 2.00 ට පමණය.
මහනුවර හන්දෙස්ස ප්‍රදේශයේ පදිංචි එච්.එම්.එල්.ඩී ජයතිලක නැමැති 24 හැවිරිදි  සිසුවිය මහනුවර ජාතික රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඊයේ  (08) මියගොස් ඇත.
-අසේල කුරුළුවංශ
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka