gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පෙර වැරදි නැති නිසා නාම යෝජනා දුන්නා..- ඇමති

මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගන්නා ලද විදුහල්පතිවරයාගේ බිරිඳ වන ජාතික ජන බලවේගය පෑලියගොඩ නාගරික මන්ත‍්‍රිනිය මෙවන විට එම ධුරයෙන් හා පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇතැයි අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කරයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී නාම යෝජනා ලබාදුන්නේ ඉදිරිපත් වූ පුද්ගලයාට මිස පවුලේ සාමාජිකයන්ට නොවන බවද ඔහු කියා සිටියේය.

පවුලේ විවිධ පුද්ගලයන් සිටිය හැකි නමුත් ඇයට කිසිම චෝදනාවක් නොතිබූ බවත් පෙර වැරදි කිසිවක් නොතිබූ ඇය හමුදාවේ සිටි හෙදියක් බවත් අමාත්‍යවරයා පැවසීය.

කෙසේ නමුත් පවුලේ සාමාජිකයෙක් හෝ මත්ද්‍රව්‍ය චෝදනාවකට හසුවූ නිසා අදාල ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් පක්ෂයක් ලෙස ගොස් චූදිතයා ගොස් බදාගෙන නැති බවත් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka