ජාතික ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම සමග විපක්ෂයට හැරෙන්නවත් නොහැකි බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.
“විපක්ෂයට අපේ ක්‍රියාවලිය ඇතුළේ ඇඬෙන්න දීලා තියෙනවා අපි. සුනිල් වටගල තනි මිනිහෙක් වුණාට, අපේ 159 කණ්ඩායමක්. ජනාධිපතිතුමා ඊට ඉහළින් ඉන්නවා. එතුමා අපට නිසි මග පෙන්වීම කරනවා. අපි වැඩ කරන්නේ ජාතික ජනන බලවේග කණ්ඩායම විදිහට. අරගොල්ලන්ට හැරෙන්නවත් බෑ.
පාර්ලිමේන්තුව ඇතුළේ වගකීම අපට බිමල් රත්නායක සහෝදරයා දෙනවා. අපි ඒ අනුව ගිහින් වැඩේ කරනවා. බලන්න අපේ කථිකයන්ගේ කතාවල තියෙන හරයාත්මකභාවය. ඉස්සර ලක්ෂ්මන් කදිගාමර් වගේ පක්ෂ විපක්ෂ හැමෝම අගය කළ අතළොස්සක් පාර්ලිමේන්තුවේ හිටියා. අපි එවැනි හරයාත්මක තැනකට මේක දවසින් දවස ගේනවා.”
පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.