gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද කකුල් දෙකෙන් එල්ලා ඝාතනය කල යුතුයි... ඔහු කොටින්ට ආයුධ දුන් ජාති දෙ‍්‍රා්හියෙක් - ෆොන්සේකා

‘ලෝකයේ වෙන රටකනම් මහින්ද රාජපක්ෂව මරන්නේ කකුල් දෙකෙන් එල්ලලා’ යයි හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

උත්සව අවස්ථාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

“මේ රටේ දූෂිත ජාලයක් තියෙනවා. ඒ දූෂිත ජාලය ජාත්‍යන්තර වශයෙනුත් ඉදිරියට ගෙනිහිල්ලා පාලනය කරන්නේ මේ රටේ රාජපක්ෂවරු. මහින්ද රාජපක්ෂලාට තියෙන වරප්‍රසාද කපලා ගෙදර භාරදෙන්න කියලා තියෙනවා.

මම දැක්කා ඊයේ ටිවී එකේ රාජපක්ෂලාගේ හෙන්චයියෙක් ඇවිල්ලා කට රවුම් කර කර බොහොම උජාරුවට කියනවා මේ ගෙදර තියෙනවාලු ජනාධිපති මන්දිරෙනුයි, අරලියගහ මන්දිරෙනුයි ගෙනාපු ලී බඩු උපකරණ මේවා ඒ අය ඇවිත් අරගෙන යන්න ඕනේලු එතකොට ඉතුරුවෙන ඒවා තමයිලු අපේ පුද්ගලික උපකරණ එතකොට අපි ඒවත් අරගෙන යන්නම්ලු. තමුන්නාන්සේලා හිතනවද ඒ ගෙදරට හිරමණයක් හරි ගෙනෙයි කියලා අතේ සල්ලිවලින්.

මම ආණ්ඩුවේ අධිකරණ ඇමතිනම්… මම පළවෙනියෙන්ම මහින්ද රාජපක්ෂ දාන්නේ අරලියගහ මන්දිරයේ තියෙන අර වටිනා දේපොළ මේකට ඉස්සුවාට. පැය 24න් ගිහිල්ලා අත්අඩංගුවට ගන්න පුළුවන්. මේ කාලේ නාමල් රජපක්ෂට රණවිරුගාය. තාත්තා සරත් ෆොන්සේකා හිරේ දාපු එකත් වැරදීලු මාර කැක්කුමක් ඇවිල්ලා.

මහින්ද රාජපක්ෂ යුද්ධය ඉවරවෙන්න අන්තිම කිලෝමීටර් 10 යන්න තියෙද්දි සටන් විරාමයක් දුන්නේ මොකටද කියලා මහින්ද රාජපක්ෂ විසින් ජාතියට විස්තර කරලා කියන්න ඕනේ. සටන්විරාමය දුන්නේ ප්‍රභාකරන් ඇතුළු නායකයින්ටික බේර ගන්න.

2005 ජනාධිපතිවරණට දිනන්න ඕන නිසා ත්‍රස්තවාදීන්ට ඩොලර් මිලියන දෙකක් දුන්නා නම් ඒ මිනිහා ජාති ද්‍රෝහියෙක් නෙමෙයිද? අපි ත්‍රස්තවාදී එක්ක සටන් කරනවා මෙයා අවිආයුධ ගන්න සල්ලි දෙනවා. ලෝකයේ වෙන රටකනම් මහින්ද රාජපක්ෂව මරන්නේ කකුල් දෙකෙන් එල්ලලා.”
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka