gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනුරපුර ‍වෛද්‍යවරියට අතවර කළැයි කියන හිටපු හමුදා සෙබළාට ඇප

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරියක බරපතල ලෙස දූෂණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මාස හතකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු යුද හමුදා සෙබළා අද (06) ඇප මත මුදා හැර තිබුණා. ඒ අනුරාධපුර මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය විසින්.

සැකකරුට රුපියල් 50,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා.

එක් ඇපකරුවකු සැකකරුගේ පවුලේ ළඟම ඥාතියකු විය යුතු බවට ද නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට හෝ විමර්ශනවලට බාධා නොකරන ලෙසට සැකකරුට  තරයේ අවවාද කළා.

එසේම, සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමක් ද අධිකරණයෙන් නියම කෙරුණා.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරියක දූෂණය කළැයි කියන සිද්ධියට අදාළව මෙම සැකකාර හිටපු යුද හමුදා සෙබළා ඇප මත මුදා හැරුණද ඔහුට එරෙහි තවත් සිද්ධියක් හේතුවෙන් තවදුරටත් රක්ෂිත භාරයට පත්විණි.

ඒ, ජීව අත් බෝම්බයක් සන්තකයේ තබා ගත්තායැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

මෙම දූෂණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනට  පවත්වා ඇති විමර්ශනවල උදෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව අනුරාධපුර පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

සැකකාර හිටපු යුධ හමුදා සෙබළා විසින් පැහැර ගෙන ගොස් සඟවා තිබියදී පොලිසිය විසින් සොයා ගනු ලැබූ වෛද්‍යවරියට අයත්  වටිනා ස්මාර්ට්  ජංගම දුරකථනය රජයේ රස පරික්ෂකවරයා වෙත යවා ඊට අදාළ රස පරික්ෂක වාර්තා කැඳවන ලෙසට අධිකරණය පැමිණිල්ලට නියම කළා.

මෙසේ  දැඩි ඇප කොන්දේසි මත මුදා හැරුණේ,  ගල්නෑව නව නගරය, ඩී තුන, ඇළ පාර ලිපිනයේ පදිංචි කේ. බී. මධුරංග රත්නායක නැමති හිටපු යුද හමුදා සෙබළෙක් මෙන්ම චීවරධාරයෙක්.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka