gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අත්අඩංගුවට ගත්ත අය වමාරද්දි නාමල් බය වෙන එක සාධාරණයි

ලැබෙන තොරතුරු අනුව අත්අඩංගුවට ගැනීම් සිදු කරන බවත් අත්අඩංගුවට ගත්ත අය හෙළිදරව් කරන ඒවත් එක්ක නාමල් බය වෙන එන සාධාරණ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

“දැන් ඒගොල්ලෝ කියනවලු බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඕන කියලා ඒගොල්ලෝ ඔක්කොම එකතුවෙලා තනි පක්ෂයක් හදන්න යනවා.

ඇත්තටම පක්ෂ ගොඩක් තියෙනවනේ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයේ. අපිට කියන්න තියෙන්නේ ඕගොල්ලෝ කොහොම එකතුවෙලා ආවත් අපි මේ රටේ ජනතාව වෙනුවෙන් කරන දේවල් නතර කරන්නේ නෑ.”

“ඔය බයවෙලා කෑ ගහන්නේ පාතාල ජාවාරම්කරුවන්, කුඩු ජාවාරම්කරුවන් එක්ක කවුද කටයුතු කළේ කියලා. ඒ බයට තමයි කෑ ගහන්නේ. නැත්තම් කිසිම ආකාරයක කාටවත් අසාධාරණයක් වෙන්නේ නෑ.

දේශපාලන දඩයම් කොහෙවත් ඇත්තේ නෑ. මේ ලැබෙන තොරතුරු අනුව අත්අඩංගුවට ගැනීම් කරනවා. අත්අඩංගුවට ගත්ත අය හෙළිදරව් කරන දේවල් ඔස්සේ පරීක්ෂණ කරනවා.

ඉතින් නාමල්ලා බය වෙන එක සාධාරණයි. අත්අඩංගුවට ගත්ත අය හෙළිදරව් කරන දේවල් අනුව ඒගොල්ලෝ ළගටත් නීතිය පැමිණේවි කියලා. ඒ අත්අඩංගුවට ගත්ත අය කියන දේවල් අනුව ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු වෙනවා.”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka