gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සංජීව ඝාතනයේ කිසිවෙකු නොදැන සිටි පැත්ත සෙව්වන්දි හෙළි කරයි

පසුගිය පෙබරවාරි 19දා අලුත්කඩේ උසාවිය තුළදී ගණේමුල්ල සංජීව ඝාතනයේ මහමොළකරිය ලෙස හැඳින්වූ ඉෂාරා සෙව්වන්දි කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ මේවන විට රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි.
             
එහිදී ඇය තමා සහ කෙහෙල්බද්දර පද්මේ අතර ඇති සම්බන්ධතාව පිළිබඳව තොරතුරු පවසා ඇති පරිදි සිය පෙර පෙම්වතකු වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හරහා කෙහෙල්බද්දර පද්මේ හඳුනාගත් බවය.
               
පසුව කෙහෙල්බද්දර පද්මේ විසින් ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු බව කියන සමිඳු දිල්ෂාන් පියුමංග නැමැත්තාව හඳුන්වාදුන් බවත් ”කොහොම හරි ඌ ලව්වා වැඩේ කරගන්නා” ලෙස තමන්ට පද්මේ විසින් පැවසූ බවත් ඒ අනුව තමන් එම ඝාතනය මෙහෙයවූ බවත් ඇය විමර්ශන නිලධාරීන් හමුවේ පවසා තිබේ.

කෙහෙල්බද්දර පද්මේ සමග පැවැත්වූ සමීප සබඳතාව හේතුවෙන් මෙම කටයුත්ත සඳහා තමා කිසිඳු මුදලක් අය නොකළ බවත් ඉෂාරා පවසා ඇත.

ගණේමුල්ල සංජීව ඝාතනය වූ දිනම එනම් පසුගිය පෙබරවාරි 19 වනදා රාත්‍රියේ තමන් වැලිපැන්න ප්‍රදේශයේ නිවසක රැය පහන් කළ බවත් ඊට පසු දින කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙකු වන මතුගම ශාන්ගේ සමීපතමයෙකුගේ දොඩංගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක මාස එකහමාරක කාලයක් රැඳී සිටි බවත් ඇය පවසා තිබේ.

අනතුරුව ඇය අප්‍රේල් 13 වනදා දොඩංගොඩ සිට මිද්දෙණිය ප්‍රදේශයේ නවාතැන්ගෙන සිටි නිවස වෙත ගොස් ඇත.

එම දිනය ඔවුන් යොදාගෙන ඇත්තේ, අලුත් අවුරුදු සමය බැවින් පොලිස් නිලධාරීන් අවුරුදු රාජකාරීවල යෙදී සිටි නිසා බව ද වාර්තා වේ.

එමෙන්ම එහි රැඳී සිටි ඇය, මැයි 6 වැනිදා එනම් පළාත් පාලන මැතිවරණය පැවැති දින යාපනය බලා ගොස් ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

එම දිනය තොරාගෙන ඇත්තේ පොලිස් නිලධාරීන් අදාළ දිනයේදී ඡන්ද රාජකාරීවල යෙදී සිටි නිසා බව ද වාර්තා වේ.

ඒ කාලය තුළදී තමන් කිසිඳු ජංගම දුරකතනයක් භාවිත නොකළ බවත් ඇය පවසා තිබේ.

මේ අතර ඉෂාරා සෙව්වන්දි අද දිනයේදී මතුගම ප්‍රදේශයට රැගෙන ගොස් ඇති අතර අනතුරුව ඇය නවාතැන්ගෙන සිටි මිද්දෙණිය ප්‍රදේශයේ නිවසට ද ඇයව රැගෙන ගොස් තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින්, ඇයට නවාතැන් ලබාදුන් වැලිපැන්න නිවසේ හිමිකාරිය හා ඇයගේ බෑණා වන අලුත්ගම පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුව ද අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම දොඩංගොඩ නිවසේද නවතැන් ලබාදුන් පුද්ගලයාව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර මිද්දෙණිය ප්‍රදේශයේ ඇයට නවාතැන් ලබාදුන් නිවසේ කාන්තාවද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේවෙතත් එම කාන්තාව හරක් කටා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ සේවකයාගේ බිරිය බව පොලිසිය සඳහන් කළේය.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සිල්වා මහතාගේ අධික්ෂණයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදු කරයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka