gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කජ්ජා ඝාතනය නොමිලේ සිදුකළ කොන්ත්‍රාත්තුවක්.. ප්‍රභල දේශපාලන බලපෑමක් මත සිදුවූවක්?

අරුණ විදානගමගේ හෙවත් මීගස්ආරේ කජ්ජා සහ දරු දෙදෙනා ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විමර්ශන කණ්ඩායම් නව මාවතක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, මෙම අපරාධය හුදු පාතාල ගැටුමකට වඩා සංකීර්ණ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවට සැක පහළ වී තිබේ.

අරුණ විදානගමගේ සහ සහ JCB සමන් අතර ගැටුමට මුල් වූයේ JCB සමන්ට අයත් හෙරොයින් කිලෝග්‍රෑම් 40ක් ඇඹිලිපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමත්, ඉන් කිලෝග්‍රෑම් දෙකක් කජ්ජා විසින් පැහැරගත් බවට එල්ල වූ චෝදනාවත් බවට තොරතුරු වාර්තා වේ.

අරුණ විදානගමගේ සහ දරු දෙදෙනා ඝාතනය කළ වෙඩික්කරුවන් වෙත කිසිදු මුදලක් ගෙවා නොතිබීම විමර්ශකයන්ගේ දැඩි අවධානයට ලක්වූ කරුණකි. සාමාන්‍ය කුලී ඝාතනයකදී මෙන් නොව, කිසිදු කොන්ත්‍රාත් මුදලක් නියම නොකර මෙවන් අපරාධයක් සිදු කිරීම පිටුපස යම් බලවත් පාර්ශ්වයක තර්ජනයක් හෝ බලපෑමක් තිබේද යන්න පිළිබඳව පොලීසිය සැක කරයි.

ඝාතනය සිදුවන අවස්ථාවේ කජ්ජා සිය දරු දෙදෙනා වඩාගෙන සිටියදී බැකෝ සමන් විසින් වෙඩි තබන ලෙසට අණ දී ඇති බවත්, දරුවන් දෙදෙනාද ඝාතනය වීමෙන් පසු බැකෝ සමන්ගේ බිරිඳ ඔහුට පහර දී නිවසින් පලවා හැර ඇති බවත් අනාවරණය වී ඇත.

ඉන්පසු සතියක් යනතුරු බැකෝ සමන්ගේ බිරිඳ ඔහුට නිවසට පැමිණීමට ඉඩ ලබාදී නොමැති බවත් තොරතුරු අනාවරණය වී ඇත.

අරුණ විදානගමගේ ඝාතනය වීමට වසරකුත් දින හතකට පෙර, එනම් 2024 වසරේ පෙබරවාරි 11 වන දා සිදුකළ මාධ්‍ය හමුවකදී, දේශපාලනඥයෙකු වන කපිල දිසානායක සහ රාජපක්ෂ පවුලේ දේශපාලන අධිකාරිය වෙතින් තම ජීවිතයට තර්ජන ඇති බවට බරපතල චෝදනා එල්ල කර තිබිණි.

බැකෝ සමන් පිළිබඳව එහිදී කිසිදු සඳහනක් නොකර දේශපාලන පාර්ශ්ව ඉලක්ක කරමින් ඔහු කළ ප්‍රකාශ හේතුවෙන්, මෙම ඝාතනය එම හෙළිදරව් කිරීම් වළක්වාලීමේ අරමුණින් සිදු කළේද යන සැකය මතු වී ඇත.

ඝාතනයෙන් පසු කජ්ජාගේ පවුලේ සාමාජිකයන් මාධ්‍ය වෙත ලබාදුන් ප්‍රකාශ එකිනෙකට පරස්පර වීමද විමර්ශනවලදී ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කර තිබේ. ඔවුන් යම් තොරතුරු සඟවන බවට විමර්ශන නිලධාරීහු සැක කරති.

විශේෂයෙන්ම, කජ්ජාගේ බිරිඳ සහ කජ්ජා අතර පැවති පවුල් ආරවුල්, කජ්ජා විසින් බිරිඳට සිදුකළ හිංසනයන් සහ දෙදෙනාටම තිබූ බව කියන අනියම් සබඳතා පිළිබඳ කරුණු ද මෙම ඝාතනයේ චේතනාවන් විමර්ශනය කිරීමේදී සැලකිල්ලට ගෙන ඇත.

මෙම අපරාධයට අදාළව බැකෝ සමන්ගේ මස්සිනා මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර, බැකෝ සමන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ මුදල් විශුද්ධිකරණ ජාලය මෙහෙයවා ඇත්තේ ඔහු බවට තොරතුරු ලැබී තිබේ.

එමෙන්ම, කජ්ජාගේ මිතුරෙකු වූ සම්පත් මනම්පේරි නමැත්තා ඝාතනය සඳහා යොදාගත් ගිනි අවිය ප්‍රවාහනය කිරීමට සම්බන්ධ වීම පිටුපස ඇති හේතුද ව්‍යාකූල තත්ත්වයක් මතුකර ඇත. ඔහුගේ පොලිස් හැඳුනුම්පත හෝ දේශපාලන සබඳතා යොදාගත්තේද යන්න සොයා බැලේ.

දකුණු පළාතේ, විශේෂයෙන්ම මිද්දෙණිය, වලස්මුල්ල වැනි ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මෙම අපරාධ ජාලයන් සඳහා ඇතැම් පොලිස් නිලධාරීන්ගේ සෘජු සහාය ලැබී ඇති බවට ද තොරතුරු හෙළිවෙමින් පවතී.

අල්ලස් ලබාගැනීම්, සාක්ෂි විනාශ කිරීම් වැනි චෝදනා මත ඉදිරියේදී පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ. වත්මන් රජය යටතේ විමර්ශන ක්‍රියාත්මක වෙමින් පැවති පසුබිමක, වසීම් තාජුඩීන් ඝාතනය වැනි සිදුවීම්වලට අදාළව ප්‍රබල සාක්ෂිකරුවෙකු විය හැකිව තිබූ කජ්ජාව නිහඬ කිරීම මෙම ඝාතනයේ ප්‍රධාන අරමුණ වන්නට ඇති බව විමර්ශකයන්ගේ ප්‍රධාන සැකය බවට පත්ව තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka