gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රට තුළ භයානක තත්ත්වයක්.. පණ පිටින් ජීවිත විනාශ කරන අයිස් මාරයා!

අයිස් හෙවත් මෙතඇම්ෆිටමින් (Methamphetamine) යනු උත්තේජක කාණ්ඩයට අයත් ප්‍රබල ඇබ්බැහිකාරක මත්ද්‍රව්‍යයකි.

කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය තුලින් නිෂ්පාදනය කරන මෙම අයිස් මත්ද්‍රව්‍ය ශරීරයේ ස්නායු පද්ධතියට ප්‍රබල ලෙස බලපෑම් ඇති කරයි.

අයිස් භාවිතය නිසා කෙටිකාලීන බලපෑම් ලෙස ශරීරයට රුධිර පීඩනය වැඩි වීම, අක්‍රමවත් හෘද ස්පන්දනය බලපෑම් කරයි.

අයිස් භාවිතය නිසා දිගුකාලීන බලපෑම් ලෙස නින්ද නොයාම, මොලයේ ක්‍රියාකාරීත්වය දුර්වල වීම, මතකය ගිලිහීම, දරුණු හැසිරීම් මතුවීම, මානසික ආතතිය වැනි තත්ත්වයන් ඇති කරයි.

*අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකළ අත්අඩංගුවට ගැනීම් පහතින්..

2020 වසරේදී පුද්ගලයින් 2,387ක් අත්අඩංගුවට ගෙන ඇත.

2021 වසරේදී පුද්ගලයින් 13,720ක් අත්අඩංගුවට ගෙන ඇත.

2022 වසරේදී පුද්ගලයින් 22,631ක් අත්අඩංගුවට ගෙන ඇත.

2023 වසරේදී පුද්ගලයින් 26,096ක් අත්අඩංගුවට ගෙන ඇත.

2024 වසරේදී පුද්ගලයින් 66,484ක් අත්අඩංගුවට ගෙන ඇත.

2025 වසරේ ජනවාරි (01) වැනිදා සිට සැප්තැම්බර් (15) වැනිදා දක්වා කාලය තුළ පුද්ගලයින් 57,367ක් අත්අඩංගුවට ගෙන ඇත.

*අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය පහතින්..

2020 වසරේදී කිලෝග්‍රෑම් 811.8ක් පොලිස් භාරයට ගෙන ඇත.

2021 වසරේදී කිලෝග්‍රෑම් 377ක් පොලිස් භාරයට ගෙන ඇත.

2022 වසරේදී කිලෝග්‍රෑම් 283.9ක් පොලිස් භාරයට ගෙන ඇත.

2023 වසරේදී කිලෝග්‍රෑම් 83.2ක් පොලිස් භාරයට ගෙන ඇත.

2024 වසරේදී කිලෝග්‍රෑම් 1364.2ක් පොලිස් භාරයට ගෙන ඇත.

2025 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් (23) දක්වා කාලය තුළ කිලෝග්‍රෑම් 1845ක් පොලිස් භාරයට ගෙන ඇත.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka