gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දොළුවේ මාරක අනතුරේ තවත් තොරතුරු රැසක් (Update)

පොහොය දිනයේ සිල් සමාදන්ව සිටි කාන්තාවන් තිදෙනෙක් මෝටර් රථයක ගැටී ජීවිතක්ෂයට පත්වීමේ අනුවේදනීය පුවතක් ගම්පොළ දොළුව ප්‍රදේශයෙන් අද (06) වාර්තාවුණි. මෝටර් රථය පැදවූ කාන්තාවගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බවට පොලීසිය සැක පළ කරයි.

අනතුරට ලක්වූයේ වප් පොහෝදා ගම්පොළ දොළුව ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේ සිල් සමාදන්ව සිටි වැඩිහිටි කාන්තාවන් සිව්දෙනෙකි.

එම කාන්තාවන් දහවල් දානය ගෙන සනීපාරක්ෂක කෘත්‍ය ඉටුකර ගැනීම සඳහා විහාරස්ථානයෙන් පිටත ඇති වැසිකිළි වෙත යමින් සිටිය දී දහවල් 1.30ට පමණ මෙම ඛේදවාචකයට මුහුණ දී තිබුණි.

එහිදී ඔවුන් ප්‍රධාන මාර්ගය අයිනෙන් ගමන් කරමින් සිටියදී පිටුපසින් පැමිණි මෝටර් රථයක් ඔවුන් සිව්දෙනාගේ ගැටී අසල තිබූ ලොරි රථයකද ගැටී නතර වී ඇත.

එලෙස ගැටුණු ඔවුන් මෝටර් රථයට සහ අනෙක් පසෙක වූ ලොරි රථයට මැදිවී බරපතළ තුවාල ලබා තිබුණි.

කාන්තාවන් සිව්දෙනා අතරින් තිදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පැවසීය.

තුවාල ලැබූ අනෙක් කාන්තාව මහනුවර ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

අනතුරින් මියගියේ ගම්පොළ දොළුව ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි රාමනායක මුදියන්සේලාගේ පොඩි මැණිකේ, 67 හැවිරිදි මාලිනි විජේසූරිය සහ ගම්පොළ ගුරුකැලේ පදිංචිව සිටි පල්ලේගෙදර අනුලාවතී යන කාන්තාවන් තිදෙනාය.  

අනතුර සිදුකළ මෝටර් රථය පදවා ඇත්තේ 36 හැවිරිදි කාන්තාවකි.

ඇය පුහුණුවන රිය බලපත්‍රයක් හිමි තැනැත්තියක් බව පොලීසිය සඳහන් කළේය.

අදාළ කාන්තාව සිය සැමියා සහ දරු දෙදෙනා සමඟ ගම්පොළ නගරයට පැමිණ ඇති අතර මෝටර් රථය පදවා ඇත්තේ ඇගේ සැමියා විසිනි.

කෙසේ වෙතත් පසුව සැමියා විසින් බිරිඳට මෝටර් රථය පැදවීමේ අවස්ථාව ලබාදී ඇති අතර විහාරස්ථානය අසලදී මෝටර් රථයේ තිරිංග වෙනුවට එම කාන්තාවට වැරදීමෙන් ඇක්සලරේටරය පෑගී ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එහිදී මෝටර් රථය වේගයෙන් ඇදී ගොස් කාන්තාවන් සිව්දෙනාගේ ගැටී පසුව ලොරි රථයේ ගැටී ඇති බව වාර්තා වේ.

අනතුරත් සමඟ ලොරි රථය මාර්ගයට ඇදී විත් නැවතී ඇති අතර මෝටර් රථය බැම්මක ගැටී තිබේ.

රිය පැදවූ කත රෝහල්ගත කිරීමෙන් පසු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
-aruna

Doluwa accident 
Three killed, one injured in road accident in Gampola
Three women killed in Gampola accident
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka