gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුදල් නැති නිසා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින්ගේ තරග ගාස්තුවලටත් පොලු තියලා – මණ්ඩතිව් ඉන්ටර්නැෂනල් ග්‍රවුන්ඩ් හදන බවට ජනපති අන්දන ක්‍රිකට් ආයතනයේ ඇත්ත තත්ත්වය මෙන්න…

ලංකාවේ ප්‍රමුඛ පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ වලට තරගාවලි වියදම් හා ක්‍රීඩක දීමනා සඳහා ගෙවනු ලබන මුදල් ගෙවීම ක්‍රිකට් ආයතනය විසින්  පමා කිරීම හේතුවෙන් ඔවුන් ගැටලු රැසකට මුහුණ දී ඇතැයි ලංකාසරට වාර්තා වේ. පසුගියදා අවසන් වූ 23 න් පහළ තරගාවලිය සඳහා ක්‍රීඩා සමාජවලට ලබා දෙන දීමනාවෙන් මෙතෙක් ගෙවා ඇත්තේ සුළු මුදලකි. මේ හේතුවෙන් තරගාවලිය අවසන් වී සති කිහිපයක් ගත වී ඇතත් ක්‍රීඩකයන්ගේ තරග දීමනා හෝ ගෙවීමට මෙම ක්‍රීඩා සමාජ වලට නොහැකි වී තිබේ.

මීට අමතරව ප්‍රමුඛ පෙළ තරගාවලිය මේ මස අවසානයේ ඇරඹීමට නියමිත අතර ඒ සඳහා පුහුණු තණ තීරු , ක්‍රීඩාංගණ වෙන් කරවා ගැනීම් සඳහා හෝ මුදල් නොමැතිකමින් ප්‍රධාන පෙළේ ක්‍රීඩා සමාජ පවා අසරණ වී ඇත.

සාමාන්‍යයෙන් ප්‍රමුඛ පෙළ තරගාවලිය ආරම්භයට පෙර ක්‍රීඩා සමාජවලට අත්තිකාරම් මුදලක් ලබා දීම සිරිතකි.

මේ ගැන කරන ලද විමසීම් වලදී ක්‍රිකට් ආයතනයෙන් පවසන්නේ මුදල් නොමැති බව යැයි ක්‍රීඩා සමාජ නිලධාරීන් කිහිප දෙනකුම ලංකාසරට පැවසූහ.

යාපනයේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඇතුළු තවත් ක්‍රීඩාංගණ කිහිපයක් ඉදි කිරීමට යන ක්‍රිකට් ආයතනය ප්‍රමුඛ  පෙළ ක්‍රීඩා සමාජ වලට ගෙවන දීමනා ගෙවීමට නොහැකි අන්දමට  බංකලොත් වී තිබීම පුදුමයට කරුණක් බව ඔවුහු පවසති.

ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරන සියළුම තරගාවලි මෙහෙයවනු ලබන්නේ එහි තරගාවලි කමිටුව වන අතර එහි සභාපතිවරයා වන්නේ නලින් අපෝන්සුය.
-lankasara
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka