gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දරුණු වයිරසයක් වැළඳුණු වඳුරන් තිදෙනෙක් පර්‌යේෂණාගාරයකින් පනී

ඇමරිකාවේ මිසිසිපි හි ප්‍රධාන අධිවේගී මාර්ගයක සිදු වූ ට්‍රක් රථ අනතුරකින් වයිරස් කිහිපයක් ආසාදනය වී ඇති බවට විශ්වාස කෙරෙන රසායනාගාර තුළ රඳවා සිටි වඳුරන් කිහිපදෙනකු පලා ගොස් ඇතැයි වාර්තා වේ.
බලධාරීන් පවසන්නේ එය මහජන සෞඛ්‍ය ගැටලු මතු කළ හැකි සිද්ධියක් බවයි.

ජැස්පර් ප්‍රාන්ත ෂෙරිෆ් දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය ප්‍රකාශයකට අනුව ඉකුත් අඟහරුවාදා දහවල් රීසස් වර්ගයේ වඳුරන් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක් පෙරළීමෙන් මෙම අවදානම මතුව තිබේ.

ලුසියානාවේ නිව් ඕර්ලියන්ස් හි ටියුලේන් විශ්වවිද්‍යාලයෙන් එලෙස එම වඳුරන් ප්‍රවාහනය කරමින් තිබූ බව ද වාර්තා වේ.

බලධාරීන් පවසන්නේ සතුන්ට හෙපටයිටිස් C සහ කොවිඩ්-19 වැනි වයිරස් ආසාදනය වී තිබිය හැකි බවයි.

එය මහජනතාවට සෞඛ්‍ය අවදානමක් ඇති කළ හැකි බව ද ඔවුහු පැවසූහ

එම වඳුරන් යැයි සැක සිතිය හැකි සතුන් වෙත ළඟා නොවන ලෙසත්, එවන් සතකු දුටුවහොත් ඒ පිළිබඳ වහාම වාර්තා කරන ලෙසත් නිලධාරීන් ජනතාවට උපදෙස් දී තිබේ.

එමෙන්ම ඔවුන් පවසන්නේ තත්ත්වය විමර්ශනය කරමින් පවතින බවයි.

"මෙම වඳුරන් රාත්තල් 40ක් පමණ බරයි, ඔවුන් මිනිසුන්ට ආක්‍රමණශීලී වන අතර හැසිරවීමට පුද්ගලික ආරක්ෂක උපකරණ අවශ්‍ය වේ," යනුවෙන් ෂෙරිෆ් දෙපාර්තමේන්තුවේ නිල සමාජ මාධ්‍ය සටහන් මගින් ප්‍රකාශ කර තිබේ.

මේ අතර ඇතැම් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබුණේ අඟහරුවාදා පස්වරුව වනවිට එක් වඳුරෙකු හැර අනෙක් වඳුරන් බලධාරීන් විසින් ඔවුන් භාරයට ගෙන ඇති බවයි.

තවමත් නිදැල්ලේ සිටින එකම වඳුරා සොයමින් අඛණ්ඩව විමර්ශන ක්‍රියාත්මක බව ෂෙරිෆ් දෙපාර්තමේන්තුව සඳහන් කර තිබිණි.

ලිංගිකත්වය අනුව සාමාන්‍යයෙන් රාත්තල් 9 ත් 26 ත් අතර බරකින් යුත් රීසස් වඳුරන්, මිනිසුන්ට ඇති ජානමය සමානකම නිසා විද්‍යාත්මක පර්යේෂණවල බහුලව භාවිත වේ.

ඔවුන්ගේ ස්ථාවර ගහනය සහ ඉහළ ප්‍රජනන අනුපාතය එවැනි පර්යේෂණ සඳහා ප්‍රයෝජනවත් බවට සැලකෙන අතර බොහෝ පරිණත ගැහැනු සතුන් වාර්ෂිකව අවම වශයෙන් එක් පැටවකු බිහි කරයි.

ඓතිහාසික වශයෙන් ද රීසස් වඳුරන් මානව දැනුම දියුණු කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත.

විශේෂයෙන්, ඇල්බට් II 1948 දී ඇමරිකා එක්සත් ජනපදය විසින් අභ්‍යවකාශයට යවන ලද පළමු වඳුරා බවට පත් වූ අතර, මානව රුධිර කාණ්ඩ වර්ගීකරණයන් සොයා ගැනීමේදී රීසස් ප්‍රතිදේහජනක තීරණාත්මක වූ බව පැවසේ.






gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka