gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බැකෝ සමන්ගේ බිරිද ඇප මත නිදහස් කෙරේ.. රිමාන්ඩ් කරන්න කරුණු නෑ..

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සාධිකා ලක්ෂානි මහත්මියට ඇප ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය. ඇය බැකෝ සමන්ගේ බිරිඳයි. රුපියල් පනස් දහසක (50,000) මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ විස්ස බැගින් වූ (20,000,000) ශරීර ඇප තුනක් නියම කල අධිකරණය ඇගේ විදේශ ගමන් තහනම් කළේය.

ඇය සෑම ඉරිදාවකම උදෑසන 9.00 ත් 10.00 ත් අතර කාලය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මූල්‍ය විමර්ශන අංශය ඉදිරියේ පෙනී සිටිය යුතුය.

මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ, විෂ වර්ග හා අබිං අන්තරාදායක පනතේ 54 (ආ) වගන්තිය යටතේ මෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115/2 වගන්තිය යටතේ ද සැකකාරිය තවදුරටත් රඳවා තබා ගැනීමට තරම් ප්‍රමාණවත් කරුණු පැමිණිල්ල විසින් ඉදිරිපත් කර නොමැති බවයි. 

එම නිසා, ඇප පනතේ 14 වගන්ති ප්‍රකාරව ඇය මුදා හැරීමට තීරණය කළ බව සඳහන් කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka