gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුරාබදු ලොක්කන් හතරක් අත්අඩංගුවට ගනී... විශාල කොල්ල කෑමක්..

2025.06.05 වන දින කොළඹ 11, හෙට්ටිවීදිය ප්‍රදේශයේදී රන් භාණ්ඩ වෙළෙඳ සැල් දෙකකින් රුපියල් 102,000,000/= (දසකෝටි විසි ලක්ෂයක මුදලක්) කොල්ලකෑම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මගින් විමර්ශනයක් සිදුකර 2025.10.30 වන අද දින දහවල් කාලයේ මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 30 ත් 46 ත් අතර වයස්වල පසුවන කොස්ගම, හංවැල්ල, දංකොටුව, මිල්ලෑව හා මඩකලපුව ප්‍රදේශවල පදිංචි සුරාබදු පරීක්ෂකවරයෙකු හා සුරාබදු කෝප්‍රල්වරුන් සිව් දෙනෙකු වේ.

මෙම සැකකරුවන් විසින් ඉහත රන් භාණ්ඩ වෙළෙඳ සැල් දෙකකට නීත්‍යාණුකූල වැටලීමක් සිදු කරන ආකාරයෙන් පැමිණ එම වෙළෙඳසැල් වලින් මුදල් රුපියල් දසකෝටි විසි ලක්ෂයක් හා සේවකයින් ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන රැගෙන ගොස් එම පුද්ගලයින් 04 දෙනෙකු සන්තකයේ නීති විරෝධී සිගරට් තිබූ බවට මාලිගාකන්ද ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අනතුරුව කොල්ලකන මුදලින් රුපියල් කෝටි පහක මුදලක් නැවත ඔවුන්ට ලබා දී ඇති බවටද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සැකකරුවන් 2025.10.30 වන අද දින කොළඹ ප්‍රධාන ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා 2025.11.07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka