gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බුවනෙකබාහු රාජසභා මණ්ඩප බොරු නඩුව ඉල්ලා අස්කර ගනී… නගර සභාව දැරූු ලක්ෂ 37ක නඩු ගාස්තු නාමල්ගෙන් අයකරගන්නැයි කියයි….!

ආන්දෝ­ල­න­ය­කට ලක්වූ කුරු­ණෑ­ගල බුව­නෙ­ක­බාහු රාජ සභා මණ්ඩ­පය කඩා බිඳ දැමීමේ සිද්ධි­යෙන් පටු දේශ­පා­ලන අර­මුණු ඉටු කර­ගැ­නී­මට අසත්‍ය සමා­ජ­ගත කර­මින් පව­රන ලද නඩු­ව­කට විය­දම් කිරී­මට සිදු වූ රුපි­යල් මිලි­යන 3.75ක් කෘෂි­කර්ම හා වාරි­මාර්ග නියෝජ්‍ය ඇමැති නාමල් කරු­ණා­රත්න මහ­තා­ගෙන් අය කර ගත යුතු බව සඳ­හන් යෝජ­නා­වක් කුරු­ණෑ­ගල මහ නගර සභාවේ විපක්ෂ නායක (සජබ) සුමේධ අරු­ණ­ශාන්ත මහතා සභා­වට ඉදි­රි­පත් කර ඇත.

මේ සම්බ­න්ධ­යෙන් වන යෝජ­නාව තමන් මෙවර කුරු­ණෑ­ගල මහ නගර සභාවේ මාසික සභා රැස්වී­මට පෞද්ග­ලික යෝජනා යටතේ ඉදි­රි­පත් කළ බව ද ඒ මහතා පැව­සීය.

“මේ සිද්ධි­යෙන් දේශ­පා­ලන වාසි ගැනීමේ අර­මු­ණින් වත්මන් නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා එම කාල­යේදී කුරු­ණෑ­ගල මහ නගර සභාව, නග­රා­ධි­ප­තිවරයා සහ තවත් අය වග­උ­ත්ත­ර­ක­රු­වන් කර­මින් මැණ්ඩා­මුස් රිට් ආඥා­වක් ඉල්ලා අභි­යා­ච­නා­ධි­ක­ර­ණයේ නඩු­වක් ගොනු කර තිබූණා. ඒ සඳහා පෙනී සිටී­මට කුරු­ණෑ­ගල මහ නගර සභා­වට නිර­ප­රාදේ වැය කිරී­මට සිදු වූ එම මුදල නියෝජ්‍ය ඇමැ­ති­ව­ර­යා­ගෙන් අය කර ගත යුතුයි.

නාමල් කරු­ණා­රත්න මහතා විසින් පව­රන ලද එම අභි­යා­චනා නඩු­වට නඩු ගාස්තු ලෙස රුපි­යල් මිලි­යන 24ක මුද­ලක් ගෙවී­මට මුදල් ස්ථාවර කමි­ටුව විසින් නිර්දේශ කර තිබුණා. නීත්‍ය­නු­කූ­ලව එම මුදල සභා­වෙන් දරා තිබෙ­නවා.

අන­තු­රුව අදාළ ස්ථානය පුරා­විද්‍යා වටි­නා­ක­මක් නැති ස්ථාන­යක් බවට ප්‍රබල සාක්ෂි සහි­තව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලද මෝස­මක් හේතු­වෙන් නාමල් කරු­ණා­රත්න මහතා විසින් ගොනු කරන ලද නඩුව ඉල්ලා අස්ක­ර­ගෙන තිබෙ­නවා. මේ තත්ත්වය මත බොරු නඩු­වක් පට­ල­ව­මින් කුරු­ණෑ­ගල මහ නගර සභා­වට නිරපරාදේ වැය කිරී­මට සිදුව ඇති මහ­ජන මුදල් නියෝජ්‍ය ඇමැති නාමල් කරු­ණා­රත්න මහ­තා­ගෙන් අය කර ගත යුතුයි.”
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka