gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රමදානයට ආ රැඳවියා අධිකරණ ගබඩාවෙන් ගිනි අවියක් උස්සලා..

ගල්කිස්ස අධිකරණයේ ඉල්ලීම මත ප්‍රජා විශෝධන කාර්යයන් සඳහා අද (29) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ගබඩාව පිරිසිදු කිරීම සදහා පැමිණි රැඳවියකු  අධිකරණයේ නඩු භාණ්ඩාවෙන් මිලිමිටර් 9  වර්ගයේ උණ්ඩ රහිත ගිනි අවියක් සොරාගෙන ඇතැයි පොලිසිය කියයි.

ශ්‍රමදානය සඳහා රැඳවියන් තිදෙනකු පැමිණ ඇති අතර ඉන් එක් රැඳවියකු මෙම ගිනි අවිය සොරාගෙන ඇතැයි බන්ධනාගාර නිලධාරීහු පවසති.

ශ්‍රාමදානය අවසන් කර රැදවියන් ද සමග බන්ධනාගාරයට පිටත් වීම සඳහා අධිකරණ භූමියෙන් පිටත්ව ගොස් ඇති අතර නඩු කටයුත්තක් සඳහා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට  රැගෙන ආ රැඳවියකු  හිද සිටි අසුනට පිටුපස අසුනේ පිස්තෝලය සොරාගත් පුද්ගලයා ඉඳගෙන ඇති අතර ඉහත පුද්ගලයා යම් පාර්සලයක් අත තිබෙන බව බන්ධනාගාර බස් රථයේ සිටි බන්ධනාගාර නිලධාරීන් දැක එය පරීක්ෂා කිරීමේදී ඉහත ගිනි අවිය හමුවී ඇත.

ඉන් පසුව නැවත බන්ධනාගාර බස් රථය අධිකරණය වෙත පැමිණ අධිකරණයේ පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇත.
(බී.ජානක)
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka