gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නුගේගොඩ රැළියට කලින් ගම්මන්පිල සිර ගෙදරට...

අල්ලස් කොමිසමට ගෙන්වා ගත් රාජ්‍ය නොවන සංවිධානයක පුද්ගලයෙකු යොදා ගෙන මට එරෙහිව පැමිණිල්ලක් සටහන් කර ගත්තා.  එම පැමිණිල්ලෙන් කියැවුණේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීමට එරෙහිව මා ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා කළ ප්‍රකාශ තුලින් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කීර්ති නාමයට හානි සිදු වුණු නිසා දූෂණ විරෝධි පනතේ 125 වගන්තිය යටතේ මම දඬුවම් ලැබිය හැකි වරදක් කර තිබෙන බවයි.

ඒ පැමිණිල්ල කරන්න පැමිණිලිකරුට තිබුණු උවමනාවට වඩා ඒක සටහන් කර ගන්න නිලධාරින්ටයි උවමනාව තිබුණේ.  රාජ්‍ය නොවන සංවිධානයක් වෙනුවෙන් පැමිණිලි කරන්න ආවත් ඒ පුද්ගලයා සතුව ඒ සංවිධානයේ ලියාපදිංචි සහතිකය  තිබුණේ නෑ.  අවම වශයෙන් ලියාපදිංචි අංකයවත් තිබුණේ නෑ.  දූෂණ විරෝධි පනතේ 125 වගන්තිය යටතේ පැමිණිල්ල කරනවා කියන එකත් නිලධාරින් තමයි සටහන් කලේ.  ඔහුට ඒ ගැන අවබෝධයක් තිබුණේ නෑ. එ සියල්ල දාලා මේ මේ ප්‍රකාශය සකස් කර ගන්න අල්ලස් කොමිසමේ නිළධාරීන් කටයුතු කර බවයි අපිට දැන ගන්නට ලැබුණේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ, පැලවත්තේ ජවිපෙ මූලස්ථානයේ සහ අමාත්‍යාංශවල සිදුවන දේවල් පිවිතුරු විමසුම් කවය විසින් අපට ක්ෂණිකව වාර්තා කරනවා වගේම අල්ලස් කොමිසම තුල සිදුවන දේවල් ද අපට ක්ෂණිකව වාර්තා වෙනවා. 

අපි සාක්ෂි සහිතව පෙන්වා දුන්නේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු තෝරා ගැනීම සඳහා පැවැති සම්මුඛ පරීක්ෂණයේ දී වැඩිම ලකුණු ලැබූ මාධව තෙන්නකෝන් මහතා වෙනුවට රංග දිසානායක මහතා පත් කර ගැනීමට ජනාධිපතිවරයා, අගමැතිවරිය සහ සභානායකවරයාගෙත් මැදිහත් වීමෙන් සිදුවුණ දූෂිත මෙහෙයුමක ප්‍රතිපලයක් ලෙස  බවයි.  අපි ඒවා කිව්වේ ඕපදූප අනුව නොවේ.  ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කර තිබෙන දිවුරුම් ප්‍රකාශවල සටහන් කරුනු  උපුටා දක්වමින්.  දූෂණ සොයන කොමිසමේ ලොක්කා පත් වන්නේ දූෂිත් මෙහෙයුමක ප්‍රතිපලයක් වශයෙන් නම් ඊට වඩා බරපතල දූෂණයක් රටක තවත් වෙන්න පුළුවන්ද ?  අපි ඒ වැරැද්ද පෙන්වා දුන්නාම  වරද නිවැරදි කරනවා වෙනුවට දූෂණ සොයන්න ආපු ආණ්ඩුව ඇත්ත හෙලිදරව් කිරීමේ වරදට අපිව හිරේ දාන්න කුමන්ත්‍රණය කරනවා.  නොවැම්බර් 21 නුගේගොඩ පැවැත්වෙන මහජන හඬ රැළියට කලින් මාව අඩුම සති දෙකක් ඇතුලේ තියන එක තමයි ආණ්ඩුවේ සැලසුම. 

“ගම්මන්පිල සිර ගෙදරට” නාඩගමේ සත්වන ජවනිකාව තමා දැන් රග දක්වමින් තියෙන්නේ .  මීට කලින් සය වතාවක් මාව අත්තඩංගුවට ගැනීමට  මේ ආණ්ඩුව හැදුවත් ඒ පදනම් විරහිත ද්වේශසහගත අත්තඩංග්වට ගැනීම් නීතිපතිතුමාගේ මැදිහත්වීමෙන් අධිකරණයේ මැදිහත්වීමෙන් ඒවා මග හරින්න අපට පුළුවන් වුණා.  සත්වන වතාවේ මමත් ලැහැස්තියි හිරේ ගිහිං මේ මල කරදරේ ඉවරයක් කර ගන්න.  ඇයි දෙයියනේ හැමදාම බොරු චෝදනා නගමින් අත්තඩංගුවට ගන්නවා කියනවා .ඒ විතරත් නෙවේ මාව හිරේ දාන තුරු නින්ද යන්නේ නැති ඇමති කෙනෙකු දකුණු පලාතේ ඉන්නවාලු.  පවුනේ අහිංසකයා. දිගින් දිගටම ඔහොම නිදි මරන්න හොඳ නෑනෙ.  ඒ නිසා ආණ්ඩුවේ ලොක්කන්ට අනුකම්පා කරලා මේ පාර මමත් ටික දවසක් ආණ්ඩුවේ වියදමෙන් ආණ්ඩුවේ බෝඩිමේ ජීවත් වෙන්න සූදානම් කියලා ආණ්ඩුවට කියනවා.එතකොට මේ ආණඩුවේ නායකයින්ට තියෙන ලෙඩේ හොදවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා

ඔය අතරේ මට මඩ ගහන්න පොතක් ලියන කොන්ත්‍රාත් එක යූ ටියුබ්කරුවෙකුට භාරදීලා තියෙනවා. පොලිසියේ ලොක්කන් රහසේ දෙන තොරතුරු පොලිසියට අත්තඩංගුවට ගන්න අයගේ ප්‍රකාශවල අඩංගු කරුණු පොලිසියේ ලොක්කන් විසින් රහසේ ලබා දීලා ඒවා යූ ටියුබ් නාලිකාවක ප්‍රචාරය කරලා ලක්ෂ ගණනින් මාසික ආදායමක් උපයන කෙනෙකු තමයි පොලිස් ලොක්කෙකුගේ ඉල්ලීම මත මේ පොත ලියන වැඩේට අත ගහලා තිබෙන්නේ.  අපි ඒ මඩ රචකයට අවවාද කරන්න කැමතියි මඩ ගැහුවට කමකු නෑ පුතො ඔය  යූ ටියුබ් නාලිකාවෙන් සොයන මුදල මගේ අපහාස නඩුවේ වන්දි ගෙවන්න වෙන් කරන්න කියලා.
-lankacnews
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka