gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොට්ටහච්චිටත් කට වරදී... අධිකරණයට අපහාස කරයි...

විපක්ෂය එකතු වෙන්නේ නීතියේ රැහැනෙන් ගැලවෙන්නයි කියා උගන්ඩා කුමාරි ලෙස සුප්‍රකට නීතිඥ නිලන්ති කොට්ටිහච්චි මන්ත්‍රිතුමිය ඊයේ ප්‍රකාශයක්  කරනවා අපි චන මාධ්‍යවලින් දැක්කා.  නීතියේ රැහැන ලෙස සාහිත්‍යමය ලෙස ප්‍රකාශ කරන්නේ මිනිසුන් නීතියට ගැට ගසන මිනිසුන් හික්මවන නීතියේ ආධිපත්‍යයටයි.  නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරන්නේ අධිකරණය.  යම් පුද්ගලයෙකු නීතියේ රැහැනෙන් ගැලවෙනවා කියන්නේ ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න අධිකරණය කටයුතු කරන්නේ නෑ කියන එකයි.  විපක්ෂය සමගි වෙලා විපක්ෂයේ බලය පෙන්නුවාම අධිකරණය බියට පත්වෙලා අධිකරණය විසින් විපක්ෂයේ දේශපාලකයින්ට නීතිය ක්‍රියාත්මක කරන්නේ නෑ කියන එකයි නිලන්ති මන්ත්‍රිතුමිය කියන්නේ.  මේක සෘජුවම අධිකරණයට කරන ලද අපහසයක්.නැතිනම් ඒ කුමය හැරුණු විට නීතියේ රැහැනෙන් ගැලවෙන්න විපක්ෂයට හැකියාවක් නෑනෙ.

විපක්ෂය සමගි බලය පෙන්නුවාම අධිකරණය බියට පත් වෙනවා කියන්නේ අධිකරණය පිළිබඳ ජනතාවගේ විශ්වාසය පලුදු කිරීමක්.  අධිකරණය පිළිබඳ තිබෙන ගෞරවය විනාශ කිරීමක්.  2024 අංක 8 දරණ අධිකරණයට අපහාස කිරීමේ පනත අමු අමුවේම උල්ලංඝණය කිරීමක්.  ඒ පනතේ 3 වන වගන්තිය අනුව අධිකරණ ආයතනයක් අගෞරවයකට හෝ අවතක්සේරුවකට ලක් කිරීම අධිකරණයකට අපහාස කිරීමක් වෙනවා.  ඒක වසර පහක සිර දඬුවමක් ලැබිය හැකි වරදක්.

උගන්ඩාවේ සඟවා තිබෙන ඩොලර් ගේනවා කිව්වා වගේ නිමේක ලන්ති මන්ත්‍රීතුමියගේ  තවත් එක් ටොම් පචයක් කියලා මේක මග හරින්න බෑ.  අධිකරණයේ නිලධාරියෙකු ලෙස සැලකෙන නීතිඥවරියක් විසින් මේ ප්‍රකාශය කලාම සාමාන්‍ය පුද්ගලයෙකු කරනවාටත් වඩා බරපතල අපහාසයක් අධිකරණයට වෙනවා.  මොකද අධිකරණයේ නිළධාරියෙක් විධියට නීතිඥයෙක් සලකන නිසා  අධිකරණ අභ්‍යන්තර ක්‍රියාදාම කරන අධිකරණය ගැන හොඳින්ම දන්නා කෙනෙක් විධියටයි නීතිඥයාව සමාජය සලකන්නේ.  නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට අධිකරණයට අපහාස කිරීම පිළිබඳ දඬුවම් කිරීමේ දී ඔහු නීතිඥයෙකු වීම ගැන අධිකරණයේ විශේෂ අවධානය යොමු වුණා. එහෙව් නීතිඥ කොට්ටහච්චි තමයි විපක්ෂය සමගි වුණොත් එයින් බියට පත්වෙලා විපක්ෂයේ අයට නීතිය ක්‍රියාත්මක වන එකක් නෑ කියන අදහස සමාජගත කරන්න උත්සහා කරන්නේ.

මේ පසුබිම යටතේ නිලන්ති කොට්ටිහච්චි මන්ත්‍රිතුමියට එරෙහිව අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩු පැවරීම වැලැක්වීමට නම් තමන් ඒ ප්‍රකාශයෙන් ඇත්තටම අදහස් කළ දේ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න එතුමියට වෙනවා.  මොකද අධිකරණයට අපහාස කිරීමට වැඩියෙන්ම කටයුතු කරන්නේ නීතිඥ මන්ත්‍රිතුමියන්ලා.  මීට සති දෙකකට පෙර නීතිඥ ලක්මාලි මන්ත්‍රිතුමියත් අධිනරණ නිහෝගයක් ක්‍රියාත්මක කරන්න එපා කියලා ජනතාවට උපදෙස් දීම හරහා අධිකරණයට බරපතල අපහාසයක් කලා.  දැන් නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රිතුමිය විපක්ෂය සමගි  උනොත් අධිකරණය ඒ අයට විරුද්ධව නිතිය ක්‍රියාත්මක නරන්නේ නෑ ඇගවෙන ප්‍රකාශයක් කරමින් අධිනරණයට අපහාස කරා. ඒ නිසා අධිකරණයේ ගෞරවය තව දුරටත් කෙලසන්න මාලිමා නීතිඥ මන්ත්‍රිතුමියන්ට ඉඩ දෙන්න බෑ.

අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නීති විද්‍යාලයේ දී විශේෂයෙන්ම උගන්වනවා.  ඒ මූලික ඉගැන්වීම ගැනවත් දන්නේ නෑ කියන්නේ නිලන්ති මැතිනිය නීතිඥයෙකු කියන එක ගැනත් සැකයක් ඇති වෙනවා.  අපිට මතකයි පසුගිය කාලයේ මාලිමා අපේක්ෂකයින් විශාල ගණනක් මැතිවරණය ඉලක්ක කරගෙන තමන්ට නැති හොර ආචාර්යලා, ඉංජිනේරුවෝ, විශේෂඥ වෛද්‍යවරු, ජනාධිපති නීතිඥවරු යනාදි නැති සුදුසුකම් උලුප්පා දක්වමින් මැතිවරණයේ හිටියා කියලා පස්සේ හෙලි වුණානෙ.  හොඳම උදාහරණය අසෝක රන්වල මහතා.  මේ රටේ ගෞරවනීය තුන්වන පුරවැසියා වන කතානායක තනතුරට මාලිමාව පත් කලේ හොර ආචාර්ය උපාධියක් තිබුණු අසෝක රන්වල මහත්තයානෙ.  කවුද දන්නේ නිලන්ති කොට්ටහච්චි කියන්නේ අසෝක රන්වලගේ කාන්තා වේශයෙන් නෙවෙයි මේ රටට දැනගන්න නම් එහෙම නෙවෙයි කියලා ඔප්පු කරන්න නම් එතුමියගේ ශ්‍රේඨධිකරණයෙන් ලැබුණු නීතිඥ සහතිකය වහාම සමාජ මාධ්‍ය වලට එක් කරලා ඔබ තවත් අසෝක රන්වල කෙනෙකු නොවේ කියා ඔප්පු කරන්න කියා අපි නිලන්ති මන්ත්‍රිතුමියට දැනුම් දෙනවා.
-lankacnews
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka