gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත්ට වඩා හොඳට විපක්ෂ නායක භූමිකාව නාමල් කරනවා… ලාල් කාන්ත කියයි!

 
පාර්ලිමේන්තුව තුළ සජිත් විපක්ෂ නායකයා වුවත් ඊට වඩා එම භූමිකාව සම්බන්ධයෙන් මැදිහත් වීමක් නාමල් රාජපක්ෂ කරන කරන්නේ යැයි කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් හා ඉඩම් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත පවසයි.
නාමිකව නොව සැබෑ ලෙස එකතු වී පෙන්වන ලෙස විපක්ෂයට අභියෝග කරන බවද ඔහු කීවේය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවැති අලුත් වැස්ස සංස්කෘතික මංගල්‍යයට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ලාල්කාන්ත ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

“ආණ්ඩුව වැඩ අනාගන්නකල් තමයි විපක්ෂය බලාගෙන ඉන්නේ. මේ රටේ දේශපාලන සංස්කෘතිය අනුව විපක්ෂය කියන එක පාලනයකට සහය දෙන්නේ නැහැ. ඒ අයට ඕන ආණ්ඩුව අසාර්ථකයි කියලා මතයක් හදලා පාලනය ඩැහැ ගන්නයි. මේ රටේ හරි හමන් විපක්ෂයක් නොමැතිවීම තමයි අපිට තිබෙන කණගාටුව. ආණ්ඩුවට එරෙහිව පුළුවන් නම් එකතු වෙලා පෙන්වන්න කියලා විපක්ෂයට අභියෝග කරන්න කැමතියි. ”

“මේ අයට කවදාවත් එකතු වෙන්න බැහැ. එකතු වන විපක්ෂයේ නායකයා වෙන්න බල අරගලයක් තිබෙනවා. සජිත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වුණාට සමාජය ඔහු විපක්ෂ නායකයා ලෙස පිළිගන්නේ නැහැ. ඊට වඩා නායකත්වය මැදිහත්වීමක් නාමල් කරනවා. එහෙත් විපක්ෂ නායක භූමිකාව සම්පූර්ණ කරගෙන ඉදිරි ගමනක් යන්න නාමල් පුළුවන්කමක් නැහැ. ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම් ඔවුන්ට එරෙහිව නැගී සිටිනවා. ඒවා ඔවුන්ට මේ රටේ ජනතාව හෝ පක්ෂ විසින් කරපු දේවල් නෙවෙයි. නාමල් ලා දැන් වැටිලා ඉන්නේ ඒ අයම කපා ගත්ත වළවල් වලටයි. ”

“විපක්ෂයේ නායකයා වෙන්න දයාසිරිත් උත්සහ කරන බව පේනවා. හරිහමන් නායකයෙක් නැති වුණාම නායකයා වෙන්න හැමෝම උත්සහ කරනවා. විපක්ෂයේ එකතුවීම සමාජයට පේන්න කරන දෙයක් විතරයි. සැබෑ ලෙස ඔවුන්ට කවදාවත් එකතු වෙන්න බැහැ.”

“පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වඩා වැඩි බලයක් ජාතික ජනබලවේගයට තිබෙනවා. පළාත් පාලන ආයතන අති බහුතරයක බලය අපට තිබෙනවා. විධායක ජනාධිපති ධූරයත් තබාගෙන හොරකමට, වංචාවට,දූෂණයට එරෙහිව කටයුතු කරනවා. මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කරන්න කටයුතු කරනවා.”

“මේ අපි සිදු කරමින් ඉන්නේ ජනතාව ආණ්ඩුවෙන් බලාපොරොත්තු වූ දේවල්. දැන් මේ රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවක් තිබෙනවා. ජනතාව වෙනුවෙන් වැඩ කරන විපක්ෂයක් නොමැති වීමේ අඩුව තමයි තිබෙන්නේ. මේ විපක්ෂය අපිට කිසිම අභියෝගයක් නැහැ. ඔවුන් සැබෑ ලෙස ජනතාව වෙනුවෙන් වැඩ කරන්න පටන් ගත්තොත් තමයි අපිට අභියෝගයක් වෙන්නේ.”

-අසේල කුරුළුවංශ
-lankasara
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka