gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජෝන් කීල්ස් LGBTQI+ ප‍්‍රවර්ධනය කරන්නේ යයි පොලිස්පතිට පැමිණිල්ලක්.. ලොක්කන් උසාවි දාන්නැයි කියයි..

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ වගකිවයුතු නිලධාරීන් නීතිය හමුවට පමුණුවන ලෙස ඉල්ලමින් පොලිස්පති වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එම පැමිණිල්ලේ සඳහන් වන්නේ ජෝන් කීල්ස් ආයතනය විසින් LGBTQI+ ප්‍රජාව ප්‍රවර්ධනය කිරීම මගින් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්තිවල අන්තර්ගත වරදකට අනුබල දීමක් සිදු කර ඇති බව සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවයි.

මෙම පැමිණිල්ලට පදනම් වී ඇත්තේ, ජෝන් කීල්ස් සමූහයේ ප්‍රධාන මානව නිලධාරී ඉසුරු ගුණසේකර විසින් සමාගම මගින් පවත්වා ගෙන යන ECHELON වෙබ් අඩවියට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකි.

එහිදී, ඔහු ප්‍රකාශ කර ඇත්තේ තම ආයතනය සේවක මණ්ඩලයට LGBTQI+ ප්‍රජාව ඇතුළත් කිරීම “විශේෂ ප්‍රමුඛතාවයක්” සහිතව සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි. මෙම වැඩපිළිවෙල 2020 දී “ONE JKH” සන්නාමය යටතේ සමාගමේ සියලුම DE&I (විවිධත්වය, සමානාත්මතාවය සහ ඇතුළත් කිරීම) මුලපිරීම් සමග ඒකාබද්ධ කර ඇති බවද ඔහු සඳහන් කර තිබේ.

පැමිණිලිකරුවන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සමාජයේ ලිංගික බෙදීම පිළිගනු ලබන්නේ ස්ත්‍රී සහ පුරුෂ වශයෙන් පමණක් වන බවයි. පුද්ගලයෙකුගේ ලිංගික හැසිරීම හෝ දිශානතිය අනුව බෙදීමක් ඇති කිරීම සහ ඊට අනුව සැලකීම සිදු කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බව SCSD 54/2204 සහ SCSD 55/2024 නඩු තීන්දු මගින් පැහැදිලිව ප්‍රකාශයට පත් කර ඇති බවටද තර්ක කරති.

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පොලිස්පති තුමාගෙන් ඉල්ලා සිටින්නේ, ඉහත පෙන්වා දුන් කාරණා සැලකිල්ලට ගෙන, සමස්ත සමාජයේ ආරක්ෂාව සඳහා ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ අදාළ නිළධාරීන් දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් අපරාධමය වරදක් කිරීමට අනුබල දීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අධිකරණය හමුවට ගෙන ඒමට කටයුතු කරන ලෙසයි
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka