gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලොකු තැනක ලොක්කෙක් ගැන පොලිස් විමර්ෂණයක්…

බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන තරු පහේ හෝටලයක සභාපතිවරයා සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. වැලිකඩ පොලිස්ස්ථා නාධිපතිවරයාට දුරකථනයෙන් බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් මෙම විමර්ශනය ක්‍රියාත්මක වන බව වාර්තා කරයි.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ සභාපතිවරයා එම හෝටලයේ ආරක්ෂක ප්‍රධානියාගේ දුරකථනය උපයෝගී කර ගනිමින් මෙම තර්ජනය සිදු කර ඇති බවයි.

රජයට අයත් ආයතන සඳහා පුද්ගලික ආරක්ෂක නිලධාරීන් අනියුක්ත කිරීමේදී ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සහ ආරක්ෂක සේවා පුහුණුවීම් ඇතුළු අදාළ සුදුසුකම් පිළිබඳව සොයා බැලීම සාමාන්‍ය ක්‍රියාවලියයි. එහෙත්, වාර්තා වන පරිදි බත්තරමුල්ලේ පිහිටි මෙම තරු පහේ හෝටලයේ ආරක්ෂාව සඳහා අනියුක්ත කර ඇති පිරිසෙන් කොටසක් සභාපතිවරයාට සමීප පුද්ගලයන් වන අතර, ඔවුන් ආරක්ෂක නිලධාරීන් ලෙස සේවය කිරීමට අවශ්‍ය සුදුසුකම් සපුරා තිබේද යන්න පිළිබඳව සැක මතුව තිබේ. මෙය, පසුගිය කාලයේ හෝටලය තුළ සිදුවූ සිද්ධීන් කිහිපයක් මුල් කර ගනිමින් ඇති වූ තත්ත්වයකි.

සභාපතිවරයාට සමීප මෙම පිරිස විසින් මෑතකදී හෝටලයට පැමිණි තරුණයෙකුට පහර දී ඇති බවද වාර්තා වේ.

මෙම සභාපතිවරයා මෑතකදී මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර ඇත්තේ හෝටලය පසුගිය මාස කිහිපය තුළ රුපියල් මිලියන 50ක ලාභයක් උපයා ඇති බවත්, තමන් හෝටලයෙන් වැටුපක් නොලබන බවත්ය. ඔහු පිරිමි සහ කාන්තා සේදවුම් කාරක නිෂ්පාදනාගාරයක්ද පවත්වාගෙන යයි.

මෙවන් පසුබිමක් තුළ, මෙම අර්ධ රාජ්‍ය තරු පහේ හෝටලයේ සභාපති ධුරයේ රාජකාරී නිසි ලෙස ඉටු කිරීම පිළිබඳව සේවකයන් තුළ අවිශ්වාසයක් පවතින බවද වාර්තා වේ.

අදාළ හෝටලයේ සංගීත කණ්ඩායම නියෝජනය කරන සභාපතිවරයාගේ පුත්‍රයා විසින් විවිධ උත්සව සහ වැඩසටහන් සංවිධානය කරනු ලබන බවට අනාවරණය වී තිබේ. මෙම ක්‍රියාකාරීත්වය තුළ සභාපතිවරයාගේ ‘ලබැඳියාවන් අතර ගැටුමක්’ තිබේද යන්න පිළිබඳව සැක මතුව ඇත.

තමන් ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු බවත්, වත්මන් ආණ්ඩුව සමඟ සමීපව කටයුතු කරන බවත්, සභාපතිවරයා හෝටල් සේවකයන් හමුවේ නිරන්තරයෙන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

සිදු කළ වැඩිදුර සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ ඔහු පෙර වෙනත් දේශපාලන පක්ෂයක සිට මෑතකදී ජාතික ජන බලවේගයට එක් වූ අයෙකු බවයි. ඒ අනුව, ජාතික ජන බලවේගයේ ව්‍යාපාරික හමු හතරකට පමණක් මෙම සභාපතිවරයා සහභාගී වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

වර්තමාන රජයේ කිසිදු දේශපාලඥයෙකු පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් ඇතුළු රාජකාරීවලට බලපෑම් නොකරන බවට පවතින පසුබිමක් තුළ, මෙම සභාපතිවරයා වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් බැණ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුවේද අවධානය යොමු වී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

මූලාශ‍්‍රය newstube
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka