gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාලිමා මන්ත‍්‍රීගේ පියා ඉඩම් හා මුදල් වංචාවක.. ණයකරුවෝ නිවස වටලද්දී පියා උඩු මහලේ සැගවිලා.. බී වාර්තාත් එලියට.. (Video)

ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පියා විසින් සිදු කරන ලදැයි කියන බරපතල මුදල් හා ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා විසින් හෙළිදරව්වක් කර තිබේ.

මෙම චෝදනාවට ලක්ව ඇති පුද්ගලයා පිළිබඳව බලංගොඩ පොලිසියේ පැමිණිල්ලක් දැනටමත් ගොනු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන බී වාර්තා ඇතුළු ව්‍යාජ ලෙස සකස් කළ ඔප්පු පිටපත් ද තමන් සතුව ඇතැයි වරුණ රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

චෝදනා එල්ල වී ඇති පුද්ගලයා, මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පියා වන අතර, ඔහුගේ නම සරත් හේමන්ද්‍ර වන බවත්, ඔහු 1950 වසරේ උපත ලබා ඇති බවත් සඳහන් වේ.

ඔහු රාජ්‍ය විදුලි ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කර ඇත. එම කාලය තුළ ඔහු විදුලිබල ව්‍යාපෘති (Hydro Projects) පිළිබඳ දත්ත සහ වඩාත් යෝග්‍ය ස්ථාන පිළිබඳ තොරතුරු එකතු කරගෙන ඇති අතර, විශ්‍රාම යන විට ඔහු වාර්තාවක් ද සකසාගෙන ඇත.

විදුලිබල මණ්ඩලයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු මෙම පුද්ගලයා කුඩා ජල විදුලි ව්‍යාපෘති (Mini Hydro Projects) ආරම්භ කර තිබේ. ව්‍යාපෘති සඳහා මුදල් හිඟ වූ විට ඔහු හවුල්කරුවන් සම්බන්ධ කරගෙන සමාගම් පිහිටුවා ඇත. වැඩ නිමවීමෙන් පසු සමාගමේ ඉතිරි කොටස් අනිත් පුද්ගලයාට අයිතිය පැවරීමෙන් විශාල මුදලක් ලබා ගැනීම ඔහුගේ ව්‍යාපාරික ක්‍රමය වී ඇත.

රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගත් මෙම ව්‍යාපෘති සඳහා මුදල් මදි වූ විට, ඔහු විවිධ පුද්ගලයන්ගෙන් ණයට මුදල් ලබාගෙන ඇත. මෙම මුදල් ණයට ගැනීමේ කටයුතු සඳහා චන්ද‍්‍රරත්න නම් පුද්ගලයෙකුගේ සහාය ද ලබාගෙන ඇත. මුදල් ලබා ගැනීමට ඔහු බොහෝ දෙනාට චෙක්පත් ද නිකුත් කර තිබේ.

මුදල් එකතු කරගත් මෙම පුද්ගලයා එකවරම අතුරුදන් වී තිබේ. ඔහු අතුරුදන් වීමෙන් පසුව, මුදල් ලබා දුන් අය විශාල අර්බුදයකට මුහුණ දී තිබේ.

ණයකරුවන් මෙම පුද්ගලයා සොයාගෙන එන විට, ඔහු තමන් පදිංචිව සිටි හෝ තමන්ට අයත්ව තිබූ කොට්ටාව ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක් විකුණා දමා ඇත. නමුත් ඔහු නිවස විකුණුවද, එම ගෙදරින් ඉවත් වී නැත. ඔහු නිවස විකුණා, එහි උඩුමහලක පදිංචි වී සිටී.

ණයකරුවන් ඔහු සොයාගෙන පැමිණි විට, ඔහු පවසා ඇත්තේ මේ වෙලාවේ සල්ලි නැති බවත්, යථා කාලයේදී මුදල් ගෙවන බවත් ය.
ඔප්පු දෙකක් ලිවීමේ බරපතල වංචාව ණයකරුවන් විසින් පොලීසියේ පැමිණිලි ගොනු කර තිබූ අවස්ථාවක, නීති ක්‍රියාමාර්ග ගැනීම වළක්වා ගැනීම සඳහා මෙම පුද්ගලයා ඔප්පුවක් ඇපයක් ලෙස ලියා දීමට ඉදිරිපත් වී ඇත.

මෙම බරපතල වංචාව වන්නේ, ඔහු දැනටමත් විකුණා ඇති හෝ පදිංචිව සිටින ඉඩමේ ඔප්පුව, තවත් පුද්ගලයෙකුට ඇපයක් ලෙස ලියා දීමයි. සාමාන්‍යයෙන්, එකම ඉඩමකට ඔප්පු දෙකක් ලිවීම යනු රටේ නීතියට අනුව වංචාවක් වන අතර එය කූට ලේඛන සැකසීම නම් බරපතල නීති උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලබයි.

මෙම පුද්ගලයාගේ දරුවා වන මාලිමාවේ මන්ත්‍රීවරයා, නීතිය හොඳින් දන්නා නීති විශාරදෙයෙකු බවත්, ආණ්ඩුවේ බොහෝ නීති සකස් කිරීමට දායක වන බවත් මෙම හෙළිදරව්වේදී සඳහන් කෙරේ.

මෙහිදී යෝජනා කරන්නේ, සමාජය යහපත් කිරීමට සහ හොරු අල්ලන්නට යන මන්ත්‍රීවරයාට, අනුන්ගේ හොරකම් අල්ලන්නට පෙර ගෙදර හොරකම අල්ලා සාධාරණය ඉටු කිරීමට අවස්ථාවක් තිබෙන බවයි.

මන්ත්‍රීවරයාගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ වැඩි වත්කම් ප්‍රමාණයක් සඳහන් වී නොතිබුණද, ඔහුට තම පියාගේ වරදක් සිදුවී ඇත්නම්, ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වී, අසාධාරණයට පත් වූ පාර්ශ්ව වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබා දීමට හෝ නොමිලේ නීති සහය ලබා දීමට හැකි බව පෙන්වා දෙයි.

මන්ත්‍රීවරයාට තම පියාගේ ක්‍රියාවෙන් කිසියම් ප්‍රතිලාභයක් ලැබුණාද නැද්ද යන්න හෝ තමා නිවැරදිද වැරදිද යන්න ප්‍රකාශ කිරීමේ වගකීමක් පවතින බව ද මෙහිදී අවධාරණය කර ඇත.

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka