gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සම්බාහනයට එන අයට “අයිස්” ගස්සවා සම්බාහනය කරලා… මහනුවර සම්බාහන මධ්‍යස්ථානයක් හිමි කාන්තාවක් අත් අඩංගුවට…

මහනුවර දෙවන රාජසිංහ මාවතේ සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කාන්තාවක් සමඟ තවත් අයෙකු මහනුවර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා අදාළ කාන්තාවට අයිස් මත්ද්‍රව්‍ය සපයන්නා බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

ඩුබායි හි සිට ඉෂාර නැමැති පුද්ගලයා මෙම ජාවාරම මෙහෙයවා තිබෙන බව කරුණු හෙළිව තිබෙන අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ ජංගම දුරකතන දත්ත ඔස්සේ පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාව සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්රෑම් 05 ක් ද අනෙක් පුද්ගලයා සතුව ග්‍රෑම් 10 ක් ද තිබූ බව පොලීසිය පවසයි.

සම්භාහන මධ්‍යස්ථානයේ සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ට අදාළ කාන්තාව අයිස් මත්ද්‍රව්‍ය අළෙවි කර තිබෙන බවට පොලීසිය සැක කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.
-lankasara
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka