gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බන්ධනාගාර බස් රථයකට ක්ලේමෝ බෝම්බ තබා සමූල ඝාතනයක් කිරීමට පාතාල සැලැස්මක්!

බන්ධනාගාර බස් රථය ඉලක්ක කර ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඔහු ඝාතනය කිරීමේ සැලසුමක් කෙහෙල්බද්දර පද්මේ කොමාන්ඩෝ සලින්ත ඇතුළු පාතාල කල්ලිය විසින් සකස් කරගෙන සිට ඇති බව විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.

පාතාල කල්ලි නායක හරක් කටා අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේ මෙලෙස ඝාතනය කිරීම සඳහා සැලසුම්කර තිබී ඇතැයි වාර්තා වෙයි.

කොමාන්ඩෝ සලින්ත නමැති පාතාල ප්‍රබලතම අවි ආයුධ විකිණු බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා ලුතිනන් කර්නල්වරයකුගේ ප්‍රශ්න කිරීමේදී මේ බව අනාවරණය වී තිබේ.

සැකකාර ලුතිනන් කර්නල්වරයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ කොමාන්ඩෝ සලින්ත අවස්ථා ගණනාවකදී තමන්ට දුරකථනයෙන් කතා කර ක්ලේමෝ බෝම්බ දෙක්ක ඉල්ලා කරදර කළ බවයි.

එහෙත් විමර්ශන නිලධාරීන් සැක කරන්නේ සැකකාර ලුතිනන් කර්නල්වරයා ක්ලේමෝ බෝම්බ දෙකක් කොමාන්ඩෝ සලින්තට ලබාදෙන්නට ඇති බවයි.

මාධ්‍යවේදියකු ලෙස වෙස්වලාගෙන ගොස් හරක් කටා ඝාතනය කළ සැලසුම ව්‍යාර්ථ වූවොත් ඊළඟ ප්‍රහාරක සැලසුම ලෙස මෙම ක්ලේමෝ බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සලින්ත සූදානමින් සිට ඇත.

හරක් කටා රැගත් බන්ධනාගාර බස් රථය අලුත්කඩේ අධිකරණය වෙත එද්දී අධිකරණය ආසන්නයේ මාර්ගයක යතුරුපැදියක ක්ලේමෝ බෝම්බය සඟවා එය දුරස්ථ පාලකයක් යොදාගෙන පුපුරුවා හැරීම මෙම පාතාල කල්ලියේ සැලසුම වන්න ඇති බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් මෙම පාතාල කල්ලිය අත්අඩංගුවට ගැනීමට හැකිවීම නිසා සිදුවීමට ඉඩ තිබූ මහා විනාශයක් වැළකී ගිය බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. මාධ්‍යවේදියකුගේ වෙස් ගෙන කැමරාවක් තුළ පිස්තෝලයක් සවිකර එය ක්‍රියාත්මක කර හරක් කටා මරා දැමීමට කළ සැලසුම මීට පෙර අනාවරණය විය.

එම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයා සහ ඊට යොදා ගැනීමට සූදානම් කර තිබූ පිස්තෝලය මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි. පද්මේ ඇතුළු පාතාල කල්ලිය අත්අඩංගුවට ගැනීමත් සමගම හරක් කටා ඝාතනය කළ එම සැලසුම නතර කර ඊට යොදා ගැනීමට සූදානම් කර තිබූ කැමරාව ද ගිනි තබා විනාශ කිරීමට එහි මෙහෙයුම්කරු කටයුතු කර තිබිණි.

කොමාන්ඩෝ සලින්තට අවි ආයුධ විකිණු බව කියන ලුතිනන් කර්නල්වරයා පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් අතර මේ වනවිට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka