gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපේ නමට බලෙන් දීපු ගෙවල් ගොඩාක් තියෙනවා - නාමල් රාජපක්ෂ

බලෙන් ගත්තු ගෙවල් කෙසේ වෙතත් අපේ නමට බලෙන් දීපු ගෙවල් නම් ගොඩාක් තියෙන බව පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“මම හිතන් හිටියේ, මේ පනත ගෙනාවේ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අයින් කරන්න කියලා. බලනකොට ගෙනල්ලා තියෙන්නේ මහින්ද රාජපක්ෂගේ වරප්‍රසාද අයින් කරන්න. මහින්ද රාජපක්ෂව ගෙදරින් එළියට දාන්න.

ආණ්ඩුව හිතනවනම් මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ තිබුණ වරප්‍රසාද අපි දැන් අයින් කරා, ගෙදරින් අයින් කරා දැන් අපිට සමරන්න පුළුවන් කියලා. ආණ්ඩුව සමරගෙන ඉන්න. අපි අපේ දේශපාලන බලවේගය වෙනදාටත් වඩා ශක්තිමත්ව ගම් මට්ටමින් සූදානම් වෙනවා.”

“බලෙන් ගත්තු ගෙවල් කෙසේ වෙතත් අපේ නමට බලෙන් දීපු ගෙවල් නම් ගොඩාක් තියෙනවා. අර ඩුබායි මැරියට් හෝටලය තියෙනවා. ධම්මික පෙරේරා මහත්තයාගේ ගෙදරත් නාමල් රාජපක්ෂගේ කියලා කිවුවා. කොළඹ ලොකු හෝටලයක් දැක්කොත් ඒක නාමල්ගේ කිවුවා.

කොළඹ ලොකු ගෙයක් දැක්කොත් ඒක නාමල් රාජපක්ෂගේ කිවුවා. ඒ වගේ බලෙන් අපේ නමට දීපු ගෙවල් බොහෝමයක් තියෙනවා. පරීක්ෂණ කටයුතු කරනකොට එකක්වත් අපිට අයිති වෙන්නේ නෑ.”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කරයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka