gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හරීන්ගේ නිවසේ ජල විදුලි බිල රුපියල් මිලියනයක් රජයේ අරමුදල්වලින් ගෙවලා!

පසුගිය රජයේ හිටපු සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා වූ හරින් ප්‍රනාන්දුගේ නිල නිවාසයේ ජල හා විදුලි බිල්පත් ගෙවීම සඳහා, 2024 වසර තුළදී රුපියල් දස ලක්ෂයකට අධික මුදලක් අමාත්‍යාංශ අරමුදල්වලින් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් හෙළිකර තිබේ. විගණන වාර්තාවට අනුව, මෙලෙස ගෙවා ඇති මුළු මුදල රුපියල් 1,062,665කි.

එම නිල නිවාසය 2022 වසරේදී අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු වෙත ලබාදී ඇත්තේ, එහි ජලය, විදුලිය සහ දුරකථන බිල්පත් පෞද්ගලිකව දැරිය යුතු බවට වන ගිවිසුමකට යටත්වයි.

කෙසේවෙතත් එම ගිවිසුමේ 07 වන වගන්තිය පැහැදිලිව උල්ලංඝනය කරමින් මෙම මුදල් අමාත්‍යාංශය මගින් ගෙවා ඇති බව විගණන වාර්තාව පෙන්වා දෙයි.

මුදල් රෙගුලාසි 135ට අනුව, රාජ්‍ය මුදල් මෙලෙස වැය කිරීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් වගකිව යුතු බවට විගණනය මගින් නිර්දේශ කර ඇත. මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ 2024 වර්ෂයට අදාළ කාර්යසාධන විගණන වාර්තාව මගිනි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka