gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඊයේ තංගල්ලෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය කිලෝ 634 බස් ශාන්තගේ බඩු බව හෙළි වෙයි!

දකුණු පලාතේ තංගල්ල ප්‍රදේශයේද ස්ථාන දෙකක්දී ඊයේ (22) අත්අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 634ක අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය උනාකූරුවේ ශාන්ත හෙවත් බස් ශාන්ත යන අනුවර්ත නාමයෙන් හැඳින්වෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් ඒවා බව අනාවරණය වී ඇත.

උනාකුරුවේ ශාන්ත යනු විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි.

ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලය විසින් මේ ආකාරයටම ලොරි තුළ සඟවා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම් අවස්ථා කිහිපයකක්ම මින් පෙරද පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබුනි.

මාකඳුරේ මධුෂ්ද පාතාලයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස කලඑළි බැස්සේද උනාකුරුවේ ශාන්තගේ ගෝලයකු ලෙස බව කියවෙයි.

එමෙන්ම පසුගිය වසරේදී වෙඩි තබා ඝාතනය කරන ලද “ක්ලබ් වසන්තගේ” ඝාතනයටද උනාකුරුවේ ශාන්තගේ නම ගෑවිණි.

ඔහු මේ වන විට විදේශගතව සැඟව සිටිමින් මෙරට මිනිස් ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බව සඳහන්.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka