gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සීනිමෝදර මරණ 3ට හේතුව දේශීයව හැදූ අයිස් විෂ වීම...? තවත් තොරතුරු රැසක්!

ඊයේ (22) උදෑසන තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් පවතින නිවසක තිබී පොලිිසිය විසින් සොයාගනු ලැබූ පිරිමි මළ සිරුරු දෙක සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය වී තිබේ.

තංගල්ල, සීනිමෝදර පැරණි නිවසක් මිලදී ගත් තැනැත්තෙකු විසින් ඒ වටා තාප්පයක් ඉදිකරවා ඇති අතර දින ගණනක් පුරා එහි ඉදිකිරීම් සිදුකරමින් සිටි කම්කරුවන් තිදෙනෙක් එක්ව එම නිවස තුළ ඊයේ රාත්‍රියේ මත්පැන් පානය කර ඇති බව පොලීසිය පවසයි.

එහිදී හදිසියේ අසනීප වූ අයෙක් ඒ බව සිය දරුවන්ට දැනුම්දීමෙන් පසු ඔවුන් පැමිණ එම පුද්ගලයා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබුණි.

රෝහලට ඇතුළත් කළ එම තැනැත්තාද අද අලුයම මියගොස් ඇති බව සඳහන්.

කෙසේවෙතත් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවන් මෙතෙක් නිකුත් වී නොමැති අතර එම පුද්ගලයින් යම්කිසි විසක් ආග්‍රහනය වීමෙන් මිය යන්නට ඇතැයි සැක මතුව තිබේ.

මෙලෙස මියගොස් තිබුණේ 50 හැවිරිදි තුසිත කුමාර නම් තංගල්ල, විතාරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණය පිළිබඳ ඔහුගේ දරුවන් තංගල්ල පොලීසියට පැමිණිලි කිරීමත් සමඟ පොලිස් නිලධාරීන්, ඉදිකෙරෙමින් පවතින නිවසට අද ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එහිදී නිවසේ කාමරයක් තුළ තිබී තවත් පුද්ගල මළ සිරුරු දෙකක් හමුවී ඇත.

කවිඳු කල්හාර නමැති 21 හැවිරිදි සහ ධනුක ලක්ෂාන් නම් 24 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු එලෙස මියගොස් සිටියදී හමුව ඇත.

ඔවුන් අම්බලන්තොට, නෝනාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මළ සිරුරු දෙක අසල අයිස් මත්ද්‍රව්‍ය ද තිබූ බව පොලීසිය පවසයි.

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka