පොලීසිය සිදුකරන ලද වැටලීම්වලදී තංගල්ලෙන් මතුවූ “අයිස්” සිද්ධිය ගැන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැහැදිලි කිරීමක් සිදු කළේය.
“දැනට අනාවරණය වෙනවා එක පුද්ගලයෙක් තමයි සියලුම සිද්ධීන් පිටිපස්සේ ඉන්නේ. අපි විශ්වාස කරනවා බෙදාහැරීම් කරපු පුද්ගලයා ඒ සිද්ධියෙන් මේ වෙනකොට, ජීවිතක්ෂයට පත්වෙලා කියලා.
තවත් දෙන්නෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. ඔවුන් මියගිය ආකාරය සම්බන්ධව අධිකරණ වෛද්‍ය නිලධාරින් වාර්තා කරන ආකාරයට ඉදිරි විමර්ශන කටයුතු කරනවා. කොහොම නමුත් සිදුවීම් තුනක් එකම පුද්ගලයෙක් විසින් මෙහෙයවපු සිදුවීමක් කියලා දැනට අනාවරණය වෙලා තියෙනවා.”
මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරන සම්පත් මනම්පේරී නැමැත්තාට තංගල්ලෙන් මතුවූ අයිස් මත්ද්‍රව්‍ය සමග සම්බන්ධයෙන් තිබෙන බව පොලිස්පතිවරයා සඳහන් කරයි.
“අනිවාර්යයෙන්ම සම්බන්ධයක් තියෙනවා. ඔවුන් විශාල ධාරිතාවකින් වැඩ කරපු පුද්ගලයෝ. අපි ඒ සම්බන්ධව විමර්ශන කටයුතු කරන නිසා, දැනට ඒ සම්බන්ධව අනාවරණය කරන්නේ නෑ.
නමුත් ඔවුන් නියෝජනය කළ දේශපාලන පක්ෂ තියෙනවා. ඔවුන් සමග හිටපු දේශපාලකයෝ ඉන්නවා. අපි නිශ්චිත වශයෙන්ම හදුනාගන්නවා මේ මත්ද්‍රව්‍ය සම්බන්ධව ඔවුන්ගෙන් ලැබුණ සහය කුමන අකාරයකින්ද ලැබුණේ කියලා, ඉදිරියේදි අනාවරණය කරගන්නවා.”
මේ අතර මාධ්‍ය හමුවකට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ, මෙරට මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ ජාලයට දකුණේ දේශපාලනඥයින් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.